"කුසට සාගිනි හදට සෝගිනි ඉනට වරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලයගි හිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා"

Thursday, June 27, 2013

අප්‍රිකානු මහද්වීපය බිහිකල අසහාය සමාජවාදියා පැට්‍රිස් ලුමුම්බා මරා දැමු සැටි ........




      අප්‍රිකා මහාද්වීපය සදාකාලික වහල් භාවයේ තබාගැනීම බටහිර ලෝකයේ ධනවාදී රටවලට අවශ්‍ය වුයේ වූයේ අප්‍රිකානු භූමියේ ඇති රත්රන් සිට දියමන්ති දක්‌වා වූ ඛනිජ ද්‍රව්‍ය සූරා කෑම සඳහාය. කොංගෝව යන නම සහිත රටවල්, ප්‍රදේශ සහ ප්‍රාන්ත දහයකටත් වැඩි ගණනක්‌ තිබුණි. බෙල්ජියානුවන්, ප්‍රංශ කාරයන් ස්‌පාඤ්ඤ ආක්‍රමණිකයන් අතර බොහෝ අප්‍රිකානු රටවල් බෙදී තිබිණි. 1950 න් පසු ඒ හැම ආක්‍රමණිකයකුගේම පිටුපසින් සිටි ශක්‌තිමත් සෙවනැල්ල වූයේ ඇමරිකානු ව්‍යාප්තවාදියාය.ඇමරිකාව අප්‍රිකාවේ කුමන්ත්‍රණ සංවිධානය කරමින් ද, කුමන්ත්‍රණ කරුවන්ට යුධ ආධාර සපයමින් ද ස්‌වකීය න්‍යාය පත්‍රය කර ගත්තේය.

      පැට්‍රිස් ලුමුම්බා නම් වාමාංශික නායකයා මරා දැමීමේ උවමනාව අධිරාජ්‍යවාදී ලෝකය පුරාම විහිදී තිබුණි. පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කිරීමට මුල්ව තිබුණේ ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය වුවද ලෝකය හමුවේ ප්‍රකාශ වුයේ එතෙක්‌ කලක්‌ කොංගෝව පාලනය කළ බෙල්ජියානුවන්ගේ ආධාරය ඇතිව ලුලුම්බා විරෝධී ස්‌වදේශිකයන් පිරිසක්‌ විසින් ඝාතනය සංවිධානය කරන ලද බවය. එහෙත් ලුමුම්බා ඝාතනය කිරීම පිළිබඳ සත්‍ය කතාව මෙතැන් සිට ඔබට කියමු.

      1959 දී බෙල්ජියානු රජය, තමන් යටතේ පැවැති කොංගෝවට නිදහස දුන් පසු රටේ පළමුවන මහ මැතිවරණය පවත්වන ලදී. එහිදී පැට්‍රිස් ලුමුම්බා ගේ පක්ෂය සහ තවත් කුඩා පක්ෂද කිහිපයකට පාර්ලිමේන්තු ආසනවලින් වැඩි බලය හිමි විය. මේ සියලු පක්ෂ එකතුව නිදහස්‌ කොංගෝවේ පළමුවන රජය පිහිටුවන ලදී. සභාගයක් නිසා දුර්වල ආණ්‌ඩුවක්‌ විය.

      අගමැති හැටියට පත්වූයේ පැට්‍රිස් ලු
මුම්බා ය.ඊළඟ මැතිවරණ අවස්‌ථාවක දී ආණ්‌ඩුවක්‌ මාරුවන විට රටේ පාලනය බාරදෙනු පිණිස ජෝසප් කසිවුබු නමැති ජනාධිපතිවරයා පත් කරන ලදී. ලුමුම්බා අගමැති වූ දවසේ පටන්ම බෙල්ජියම හා ඇමරිකාව මහත් නොසන්සුන්තාවකට පත් විය. වාමාංශිකයකු වූ ලුමුම්බා ඒ වනවිටත් සෝවියට්‌ සංගමය සමග කිට්‌ටු සම්බන්ධකම් පවත්වමින් සිටියේය. මේ අනුව නුදුරු අනාගතයේදීම කොංගෝවත් අප්‍රිකාවේ සෙසු රටවල් සමූහයත් සමාජවාදී රාජ්‍යයන් වනු ඇතැයි උපකල්පනය කළේය.ඔහු මරා නොදමුවානම් එසේ වීමට ඉඩකඩ තිබුණි.

      කොංගෝවේ පාර්ලිමේන්තුව කුඩා පක්ෂ විවිධ 
ප්‍රදේශ වලින් පැමිණි ගෝත්‍රික ජනවර්ගවල නියෝජිතයන්ගේ එකතුවකි. ඒ හැම නියෝජිතයකුටම උවමනා වූයේ තම ප්‍රදේශයට රජයේ වැඩිම පහසුකම් ලබාගැනීමය. එහෙත් එය ලුමුම්බා හරහා එය කරගන්නට බැරි බව වැටහුණි.ඉන් පසුව සභාග රජයේ පක්ෂ එකින් එක ලුමුම්බා හැර යන්නට පටන් ගත්තේය. එබැවින් පිහිටුවා සතියක්‌ තුළ ආණ්‌ඩුව බිඳ වැටුණි.


      කොංගෝවේ හමුදා ප්‍රධානී හු බෙල්ජියන් ඉත්තෝ වූහ. ආණ්‌ඩුව බිඳ වැටුණු පසු හමුදාව තුළ කැරැල්ලක්‌ හටගත් අතර කොංගෝවේ ඛනිජ ද්‍රව්‍ය වලින් සරුම ප්‍රාන්තය වූ කටන්ගා (Katanga) වෙනම රාජ්‍යක්‌ බවට පත් විය. කටන්ගාව වෙනම රටක්‌ බවට පත් කිරීම සංවිධානය කරන ලද්දේ මොයිස්‌ ෂොම්බේ (Moise Tshombe) නමැති බලසම්පන්න දේශපාලනඥයාය. ඔහු බෙල්ජියානුවන්ගේ ඉත්තෙකි. 

      ලුමුම්බාගේ රජය බිඳ වැටුනු වහාම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බෙල්ජියම කොංගෝ ජනාධිපති කැසවුබු (Kasavub) ට නියෝග කළේය. ඒ අනුව කොංගෝවේ හමුදාපති ජෝසප් සෙසෙ සෙකෝ මොබුටු (Joseph sese seko Mobutu)) බලඇණියක්‌ යවා ලුමුම්බා අත්අඩංගුවට ගනී. අනතුරුව හමුදාපති මොබුටු ඉදිරිපිටදී ලුමුම්බාට අමානුෂික ලෙස පහර දෙනු ලැබීය. ඉන්පසු ඔහු කොංගෝවේ අගනුවර මහා මාර්ග දිගේ ඇවිද්දවමින් පහර දේ . අනතුරුව ඔහු බන්ධනාගාරයට ගෙන ගිය විට මේ අපරාධයට විරුද්ධ බන්ධනාගාර නිලධාරීහු කැරළි ගසති. ලුමුම්බා ගුවන් යානයක පටවාගෙන කටන්ගා 
ප්‍රාන්තයට ගෙන ගොස්‌ ඝාතනය කරන ලෙස නියෝග ලැබේ. යානය තුළට දමනු ලැබූ ලුමුම්බාට සහ ඔහුගේ අනුගාමිකයන් වූ මොරිස්‌ පෝලෝට සහ ජෝෂප් ඔකිටේට තවදුරටත් පහර දෙන අතර එය සිදුවන්නේ ගුවන් යානය ගමන් කරන අතරය. මේ ප්‍රචණ්‌ඩ ප්‍රහාරය කොතරම් බිහිසුණුද යත් පහරදීම්වල වේගයට යානය පැද්දෙන්නට පටන් ගනී. පහර දීම නොනැවැත්වුවොත් ගුවන් යානය කඩාවැටෙනු ඇතැයි එවිට නියමුවා කියයි. කටන්ගාවට ගොඩබාන යානයෙන් පිටතට ගන්නා ලුමුම්බාට සහ අනුගාමිකයන් දෙදෙනාට බෙල්ජියන් හමුදා ප්‍රධානීන්ගේ නියෝගය පරිදි වෙඩි තබා මරයි.

      එම අවස්‌ථාව නැරඹීමට මොයිස්‌ ෂොම්බේ ද සහභාගි වෙයි. මළ කඳන් තුන විනාශ කිරීමේ වගකීම පැවැරෙන්නේ කටන්ගා පොලිසියේ බෙල්ජියන් ලොක්‌කා වූ ජෙරාඩ් සොයේට්‌ වෙතය. ඔහු තම මිතුරකුගේ සහය ලබාගෙන මළ සිරුරු තුන කැබලිවලට කපා විශාල ඇසිඩ් භාජනයක දමා දිය කරයි. ඉන් පසු දින දෙකක්‌ම මත්පැන් පානය කරමින් සිහිසුන්ව ගත කරන ඔවුන් කියන්නේ සතුන්වත් නොකරන දෙයක්‌ කරන්නට තමන්ට සිදුවීම නිසා හටගත් අපුලතාව මත එසේ අසිහියෙන් ඉන්නට තීරණය කළ බවය.


      ලුමුම්බාගේ පාලනය බිඳවැටෙන විට කොංගෝව තුළ එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ විය. පළමු වරට මොබුටු ඉදිරිපිට ලුමුම්බාට භීෂණකාරී ලෙස පහර දෙන විට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාව ගල් ගිල්ලාක්‌ මෙන් ඒ දෙස බලා සිටියේය. බෙල්ජියම මේ දුෂ්ට කුමන්ත්‍රණය සඳහා එරට මුදල්වලින් ෆ්‍රෑන්ක් කෝටි ගණනක්‌ යුද හමුදාව සහ පොලිසිය අතර බෙදාහැරියේය. ලුමුම්බා මළ පසු බෙල්ජියානුවෝ මොයිස්‌ ෂොම්බේ ජනාධිපති තනතුරට පත් කළේය.. බෙල්ජියම සිතුවේ තමන්ට අවශ්යු දේ සිදුවූ බවය. එහෙත් ඇත්තටම සිදුවී තිබුණේ ඇමරිකාවට අවශ්යම දේය. පැට්රිස්‌ ලුමුම්බා හැකි ඉක්‌මණින් ඝාතනය කළ යුතු බව 1960 දී එවකට සිටි ඇමරිකන් ජනාධිපති ඩී. ඩී. අයිසන්හවර් පෞද්ගලිකවම නියෝග කළේය. ලුමුම්බා සෝවියට්‌ සංගමය සමග එකතු වීමෙන් අනාගතයේදී විය හැකි හානිය ඔහු ගණන් බලා තිබුණේය. ලුමුම්බා ඝාතනය කිරීමට බ්‍රිතාන්‍යයේ M15 ඔත්තු සේවයටද අවශ්‍ය විය.

මරා දැමීමට මොහොතකට පෙර
      ධනේශ්වර අලුගෝසුවන් විසින් අප්‍රිකානු ලෝකය තුල බිහි වූ මානව හිතවාදී දේශපාලන නායකයෙකු ඝාතනය කලේ සමාජවාදී ලෝකයට ඇති බිය නිසාය. සමාජවාදය මානව වර්ගයාගේ නිදහස හා ප්‍රවර්ධනය පිණිස වන අතර ධනවාදය එහි බිහිසුණු ඝාතකයා බව ලුමුම්බා මරා දැමීමෙන් පෙන්වීය.

No comments:

Post a Comment