
රුසියානු විප්ලවය ලෙනින් විසින් ජයග්‍රහණය කලේ අන්තොනමතික පාලනයක නියැලුණු සාර් අධිරාජයා ගේ කුරිරු පාලනයට එරෙහිව පන්තිය සංවිධානය කිරීමෙන්ය. වියට්නාමය තුල දිගු කාලින අධිරාජ්‍යවාදී සටනක යෙදුනු හෝ චෝ මින් ගේ නායකත්වය දුන් වියට්මින් වරු වියට්නාමයට සරිලන සමාජවාදී පාලනයක් ස්ථාපිත කළේය. කියුබානු විප්ලවය තුල දිස් වූයේ ලතින් ඇමෙරිකාව පුරාම විහිදී පැතිරුණු ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ තවත් එක පැතිකඩකි. ශ්‍රේෂ්ට කියුබානුවෝ අධිරාජ්‍ය පරදා ඒ තුලින් සමාජවාදය විජයග්‍රහණය කළේය. එතුලින් විද්‍යාමාන වුයේ කියුබානු සමාජවාදයේ හැඩයයි . චීන විප්ලවය තුලද දිස් වුයේ චීන සංස්කෘතිය හා බැදී පැවතුනු ඓතිහාසික අරගලයන්ගේ දිගුවකි.ඒ තුලින් ද දිස් වුයේ වැඩවසම් රජවරුන්ට එරෙහිවනැගී සිටි ජනතාව මෙන්ම ජපන් අධිරාජ්‍යවාදීන් මෙන්ම බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව පැවතී සන්නධ අරගලයකි. අවසානයේ කොමියුනිස්ට් පාලනයක් බිහි විය.
ලතින් ඇමෙරිකානු රටවල් තුලද මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ ඔවුනට ආවේනික විග්‍රහයකින් බිහිවෙන සමාජවාදී පාලනයන්ය. ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඇති දිගුකාලින මුලධාර්මික වරද වන්නේ ''සමාජවාදී මොඩලය'' නමින් එක මොඩලයක් පමණක් ඇතැයි යන විශ්වාශයට කොටුවීමයි. නමුත් යතාර්ථවාදීව අප කතා කල යුතු වන්නේ ''සමාජවාදය'' ගැන නොව ''සමාජවාදයන්'' පිළිබඳවයි. එකිනෙකට සමාන වන සමාජවාදී සමාජ දෙකක් නැහැ . මාරියා ටෙගුයි නම් විශිෂ්ඨ මාක්ස්වාදිනිය වරෙක " සමාජවාදය යනු වික්රමාන්තික නිර්මාණයක් " යැයි පැවසුවේ එබැවිනි. සත්‍ය වශයෙන්ම එය නිර්මාණයක්..! සමාජවාදය නිර්මාණය කල යුතුයි . එය අදාළ සමාජ තත්වයන්ට අනුව, ප්‍රවණතාවයන්ට අනුව, සංස්කෘතීන්ට අනුව, මෙන්ම සමාජ සංයුතීන්ට අනුව සකස් කර ගත යුතුයි. මක් නිසාද ඒවා එකිනෙකට හාත්පසින් වෙනස් හැඩයක් ඇති නිසාය.

1970 වන විට නැවතත් ලාංකීය භූමියට වමේ නැවුම් සුවඳ දැනුනි. රෝහණ විජේවීර බිහිවීමත් සමගම සමසමාජ -කොමියුනිස්ට් පක්ෂ හරහා අකර්මන්‍ය වී තිබුණු වාම ප්‍රවාහය නැවත අලුගසා නැගී සිටියේය. පැරණි වම ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය. එපමණක් නොව පැරණි වමේ නායකයන් අභිබවා නව නායකත්වයක් ද බිහිවිය.
කුණුවී දිරාපත් වන ධනවාදය වෙනුවට සමානාත්මතාවය, සාධාරණය රජයන සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ පළමු වෙඩිහඬ 1971 අප්‍රේල් 05 වන දින හමා ගියේ ලාංකීය පීඩිත පන්තියට නව බලාපොරොත්තු එක් කරමිනි. දස දහස් ගණන් තරුණ තරුණියන් ඉච්චාබංගත්වයට පත්කර අරාජිකත්වය මුළුමහත් සමාජයම වසනමින්, වතු පාලකයන් විසින් කම්කරු පංතිය පාගමින්, රදල වලව් තුලින් රටේ සියලු තීන්දු තීර ගැනීම් තිබුණු තත්වයක එදා රට පැවතුනි. එයට එරෙහිව අභීතව ජනතාව පෙළ ගැස්වීමට හැකි වුයේ විජේවීර නම් අසහාය මිනිසාට පමණි.
71 ජනතා නැගිටීම අසාර්ථක විය. දහස් ගණනක් වීර සටන්කාමීන් මරු මුවට පත් විය. තවත් බොහෝ පිරිසක් සිරදඬුවම් වින්දේය. 13 වන විත්තිකරුවූ රෝහණ විජේවීර දීර්ඝ සිර දඬුවමකට යටත් විය. විත්ති කරුවන් 24 දෙනාගෙන් කිහිප දෙනෙකු හැර අන් සියල්ලන්ම අන්ත දක්ෂිනාන්ශීක කඳවුරේ සුරතලුන් බවට පත් විය. ඔහු අතහැර ගිය කිසිවෙකුට ඔහු පසු කර යා නොහැකි වීම ඉතා සුවිශේෂී කරුණකි.බොහෝ අය නව දේශපාලන ප්‍රවාහයන් ආරම්භ කලේ විජේවීර පරාජය කිරීමට මිස දේශපාලන වෙනසක් කිරීමට නොවේ. නමුදු කිසිවෙකු ඔහු අභිබැවීමට අසමත් විය.

විප්ලවවාදී ප්‍රවාහයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උරගා බැලු අවස්තාවක් ලෙස 1982 ජනාධිපතිවරණය හැඳින් විය හැක. එහිදී චන්ද 273,428 ක් ලබා ගනිමින් පැරණි වමේ දේශපාලන කුණු බක්කියට ඇද දැමීය. රටේ තුන් වන බලවේගය බවට පත් විය. රෝහණ විජේවීරයන්ගේ උදාර නායකත්වයෙන් අතිමහත් නිර්ධන පන්තියේ පිබිදීමක් සිදුවන බව වටහා ගත් යැංකි ඩිකී නොහොත් ජේ.ආර් . 83 කළු ජුලිය දඩමීමා කරගනිමින් ජ.වී.පෙ. තහනම් කළේය .ඉන් පසු විජේවීර තහනම් දේශපාලනයට බලහත්කාරයෙන් ඇද දැමීය. ජ.වී.පෙ. තහනම ඉවත්කිරීමට පක්ෂයක් ලෙස නොගත් උත්සහයක් නැත. එවකට රටේ සෑම සියලු පාලමක්ම, බෝක්කුවක්ම සැරසුනේ " ජ.වී.පෙ. තහනම ඉවත් කරනු" යනුවෙනි. තහනම් දේශපාලනය මැද වුවද ඔහු රටේ ජාතික ප්‍රශ්නය අමතක නොකළේය. ඒ වෙනුවෙන් කිසිවෙකු මෙතෙක් ඉදිරිපත් නොකළ ශ්‍රේෂ්ඨ දේශපාලන තිසීසයක් වූ "දෙමල ඊලාම් අරගලයට විසදුම කුමක්ද" කෘතිය රචනා කළේය. ඉන් පසු එලබෙන්නේ මෙරට අවසන් ආක්‍රමණිකයා වූ ඉන්දීය රජයට එරෙහිව අධිරාජ්‍යවාදී සටන දියත් කිරීමය. එවිට තහනම් දේශපාලනය තුලදීද රට වෙනුවෙන් එකී ඇති දුෂ්කර කර්තව්‍යට උර දීමට විජේවීර ඇතුළු පක්ෂය දෙවරක් සිතා බැලුවේ නැත.
.jpg)