"කුසට සාගිනි හදට සෝගිනි ඉනට වරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලයගි හිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා"

Wednesday, July 3, 2013

යුගයේ අවශ්‍යතාවය, නිර්ධන පංතියෙ අවශ්‍යතාවය......



      අග්‍රගන්‍ය විප්ලවවාදී නියමුවෙකුගෙ ඇට සැකිල්ල 1997 ජූලි මස බොලීවියානු රාජ්‍ය විසින් සොයාගන්නා අතර එය 1997 ඔක්තොම්බරයේ දී නැවත කියුබාවට එවන ලදී. එහිදී ෆිදෙල් සහොදරයා විසින් කියුබානු ජනතාව අමතා ඉතාමත් සුවිශේෂී අදහස් කිහිපයක් ඉදිරිපත් කරන ලදී..


      "ඔබ තරුණයි. ඔබ නැවුම්. ඔබ චේට ගරු කරනවා. ඔබ චේට ආදරය කරනවා. ඔබ චේගේ සටන්කාමීත්වය මැනවින් උකහාගෙන තිබෙනවා. එහිදී ඔබ සෙසු තරුණ තරුණියන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා. එහෙත් අපි නැවතත් කියනවා චේ සටන්කාමියෙක් පමණක් නොවෙයි, ගුණ සමුදායකින් පිරිපුන් සැබෑම සැබෑ මිනිසෙක්. අද ලෝකයට එවන් ගුණ සමුදායකින් පිරුණු තරුණ විප්ලවවාදීන් ලක්ෂ ගණනින් අවශ්‍ය යුගයක්. චේ ජීවත් වූ යුගයේ පැවැතියාට වඩා අධිරාජ්‍යවාදය, ධනවාදය දැන් අතිශයින් කුරිරුයි. සාහසිකයි. ආක‍්‍රමණකාරියි. නව ලිබරල්වාදී ගෝලීයකරණය මිනිස් වර්ගයා ගේ ප‍්‍රධාන සතුරා බවට පත්වෙලා. එහි ප‍්‍රතිඵලය ලෙස ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවට රැකියා අහිමි වෙලා. යුරෝපයේ සමහර රටවල් තුළ තරුණ ජනයා අතරින් 50%ක්ම රැකියා විරහිතයෝ. කෝටි සංඛ්‍යාත ජනයා දරිද්‍රතාවයට ඇද දමනු ලැබ තිබෙනවා. එනිසා කෝටි සංඛ්‍යාත ලෝකවාසී ජනතාව වෙත අධිරාජ්‍යවාදී ගෝලීයකරණය වෙනුවට, සමාජවාදී ගෝලීයකරණ ගෙන ආ යුතුයි.


      ඒ සඳහා චේ ගෙවාරලා දහස් ගණනින් අවශ්‍ය යුගයක් මේ. ඔබ චේ ආදර්ශයට ගන්න. චේ ගේ සමස්ත ගුණ සමුදාය උකහා ගන්න. සංවිධානය වන්න. අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන්න. අධිරාජ්‍යවාදය මහ පොළොවෙන් අතු ගා දමන්න. ජයග‍්‍රහණ අත්පත් කරගන්න".

අර්නස්ටෝ චේ ගෙවාරා නාමය දිගුකල් දිනේවා !
ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා !

අධිරාජ්‍යයවාදයට විනාශය - ජනතාවට විමුක්තිය !
ධනවාදයට විනාශය - සමාජවාදයට විජයග්‍රයහණය !"


"උදා හිරු රැස් මෙන් වූ ඔබේ එඩිතරකම 
ඔබව මරණයට නියම කෙරුවා වූ
 ඒ ප්‍රබල ඉතිහාසය තුළින් අපි ඔබට ආදරය කරන්න ඉගෙන ගත්තා

මෙහි ඉතිරිව ඇත්තේ පැහැදිලි සිත්ගන්නා සුළු විනිවිධභාවයයි
ඔබයි අපේ නායකයා චේ ගුවේරා නියමුවාණෙනී
ඔබේ සිනහවෙන් ආලෝකමත් වුණ
ධජය නැංවිමට වසන්ත සමයේ පායන 
හිරු රැසින්ද දැවි එන සුළඟින්ද එන්නේ ඔබයි

ඔබේ සමාජවාදී හස්තයෙන් සාධාරණත්වය බලාපොරොත්තුවෙන්
සිටින්නවුන්ට ඔබේ විප්ලවීය ආදරය නව මාවතකට මඟ පෙන්නුවා


ඔබත් සමඟ නොනැවතීම ක්‍රියා කළ සේම
ෆිදෙල් සමඟ අපි ඔබට කියන්නෙමු
විජයග්‍රහණය තෙක්ම නොනැවතීම

ඉදිරියටම යන්නෙමු"


ස්පාඤ්ඤ ගීතයේ සිංහල අනුවාදනය එයයි.



http://www.youtube.com/watch?v=UClHAH8nFVY

http://www.youtube.com/watch?feature=endscreen&v=fcnH8oK8FlY&NR=1

No comments:

Post a Comment