"කුසට සාගිනි හදට සෝගිනි ඉනට වරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලයගි හිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා"

Friday, June 28, 2013

කියුබානු විප්ලවය දෙස නැවත හැරී බලමු......




" විප්ලවය යනු ඓතිහාසික අවශ්‍යතාවයක පැන නැගීමක් මිස හිතුවක්කාරකමේ හෝ පුද්ගල කැමැත්තක ප්‍රතිඵලයක් නොවේ. කිසිවෙකුට විප්ලවය වැළක්විය නොහැකිවාක් මෙන්ම විප්ලවය බලෙන් පැටවිය නොහැක. විප්ලවය වනාහී අති මහත් අවශ්‍යතාවයක පැන නැගීමකි "

ෆිදෙල් සහොදරයාගේ: ''සන්නද්ධ අරගලයේ වැඩ කොටස" කෘතියෙන්....

කියුබානු විප්ලවය විශේෂතා රැසකින් සමන්විතය. සටන තුලින් ජනතාව සංවිධානය කිරීම එහි තේමාව විය. එයට නායකත්වය දෙනු ලබුවේ කොමියුනිස්ට් පක්ෂයකින් නොව ''ජුලි 26 ව්යාපාරය" යි. ඒතුල රැස්වූ පිරිස් කොමියුනිස්ට් වාදීන් හෝ සමාජවාදීන් නොවුහ. බහුතරය දේශප්‍රේමී බැටිස්ටා විරෝධීන් විය.


ඒකාධිපති පාලනයකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන්, ජාතික විමුක්තිය උදෙසා රොදබැඳුනු සටන්කාමීන්ගෙන් අරගලය පිරී තිබුණි. නමුත් එහි දිශානතිය වුයේ සමාජවාදයයි.

චේ ගවේරා කියුබානු විප්ලවය ගැන මෙසේ පැවසුවේය..

"කියුබානු විප්ලවය සුවිශේෂී සිදුවීමකි.එය ලෝකයේ අධිරාජ්‍යවාදීන්ගේ ලේ කෝපයෙන් රත් කරවීය. එයින් ලෝකය පුර විසිරී සිටින හෝ යටත් පිරිසෙයින් ලෝකයේ මෙම පෙදෙසේ වසන අගහිඟයෙන් පෙළෙන්නවුන්ගේ ලෙයද අපේක්ෂාවෙන් උණුසුම් විය. එය අභ්‍යන්තර අනිවාර්යතා හා බාහිර ආක්‍රමණ හේතුවෙන් සමාජවාදී විප්ලවයක් බවට පරිනාමය වූ ගොවිජන වැඩවසම් විරෝධී සහ අධිරාජ්‍ය විරෝධී විප්ලවයකි.සමස්ත ඇමෙරිකාව හමුවේ එය ඇති සැටියෙන්ම ප්‍රකාශ කර සිටින්නේ එහි සමාජවාදී ස්වභාවය ය."

චේ සහොදරයාගේ: ''සමාජවාදය සහ මිනිසා සහ වෙනත් රචනා" කෘතියෙන්...

සපාඤ්ඤ, ඇමෙරිකානු බලහත්කාරයෙන් හෙම්බත්ව සිටි කියුබානු ජනතාව අතර පැහැදිලිවම විෂය මූල තත්වයන් පැන නැගී තිබුණි. 1934 මැයි 29 වනදා කියුබානු ව්‍යවස්ථාවට ඇමෙරිකාව විසින් බලහත්කාරයෙන් 'ප්ලැට් ' නම් සංශෝදනය එක කරන ලදී. ඉන් පසුව දේශීය කර්මාන්ත වැසී යන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අමෙරිකාවෙන් පමණක් ගෙන් වීමට බල කර සිටි. මේ තුලින් කියුබාව දිළිඳු රාජ්‍යයක් බවට පත් වී ශ්‍රමිකයන්ට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි විය. 1940 ආරම්භ වූ බැටිස්ටාගේ පාලනයත් සමගම කියුබාව ඇමෙරිකානු රූකඩයක් බවට පත් විය. දිළිඳු කම, නුගත්කම, දුරාචාරය රජ විය. හවානා නගරය ඇමෙරිකානුවන්ගේ ගණිකා මඩමක් විය. ජනතාව ඇමෙරිකානු උක් වතු වල හා දුම්කොළ වතුවල වහලුන් සේ වැඩ කළේය. කාන්තාවන්ට ගණිකාවක් වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි කලේ නැත.


සාම්ප්‍රදායික වමේ පක්ෂ මෙන්ම අනෙකුත් දේශපාලන ව්‍යාපාර නිද්‍රාශීලී මොහොතක 1953 ජුලි 26 දින ඓතිහාසික මොන්කාඩා ප්‍රහාරය ෆිදෙල් ගේ නායකත්වයෙන් එල්ල විය. එය අසාර්ථක වුවද කියුබන් විප්ලවයේ පළමු වෙඩි මුරය විය. පසුව අරගලය දියත් කරන්නේ 'ජුලි 26 ව්යාපාරය ' විසිනි.

ඒ පිළිබඳව චේ සහොදරයා මෙසේ සඳහන් කරන්නේය....

" අනතුරුව පැමිණියේ ගරිල්ලා අරගල අදියරය. එය විශද පරිසර දෙකක් තුල සංවර්ධනය විය. ඉන් එකක් සමන්විත වුයේ එක්රැස් කොට මෙහෙයවිය යුතු තවමත් නිදාසිටි ජනතාවගෙනි. අනෙක එක්රැස් කොට මෙහෙය විය යුතු චාලක බලය වූ විප්ලවීය සවිඥ්ඥානකත්වයෙහි සහ සටන්කාමී උද්‍යයෝගයෙහි ජනක යන්ත්‍රය වූ ජනතාවගේ පෙරටු බලඇණිය වූ ගරිල්ලා වරුන්ය. ජයග්‍රහණයට අනිවාර්ය මනෝමුලික තත්ත්ව නිර්මාණය කල උත්පේරක ජනක නියෝජිතයා වුයේ මෙම බලඇණියයි"

චේ සහොදරයාගේ: ''සමාජවාදය සහ මිනිසා සහ වෙනත් රචනා" කෘතියෙන්....

1953 දී සිරගත කරන ෆිදෙල් සහොදරයා නිදහස් කිරීමට හේතු වුයේ ජනතා විරෝධයයි. ඔහු 1955 දී නිදහස් කරන ලදී. ජනතාවගේ සහය අරගලය පුරාම දක්නට ලැබුණි. ජුලි 26 ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙලේ නායකයෙකු වූ ෆ්රෑන්ක් ෆයාස් ගේ ඝාතනයත් සමගම ජනතාව දහස් ගණනින් ආණ්ඩුවට එරෙහිව වීදි බසින ලදී. ඉන් බැටිස්ටා අවබෝධ කරගත්තේ ජනතාව පිදෙල් සමග සිටින බවයි. කියුබානු විප්ලවය ගරිල්ලා සටනක ප්‍රතිඵලයකට වඩා පොදු ජනතාවගේ කැමැත්ත මත සිදුවිය.


කියුබානු විප්ලවය අලුත් අත්හදා බැලීම්, ආදර්ශයන්ගෙන් පිරී ඇත. ගරිල්ලා සටන නම් සම්ප්‍රදායික නොවන අරගල ආකෘතිය බිහිවන්නේ කියුබානු විප්ලවය තුලිනි. විප්ලවය පුරාම උපාය හා උපක්‍රම තේරීම ඉතා ඉහල අගයක තිබුණි. ඒ අතරම අරගලයේ වීරත්වය, කැප කිරීම, අධිෂ්ඨනය, අරගලය තුල තිබිය යුතු විනය හා ප්‍රතිපත්ති ගරුක බව අරගලයට ජනතා සහය ලැබීමටද, එය ජයග්‍රහණයෙන් කෙලවර වීමට මහත් සේ බලපෑවේය. ෆිදෙල්, චේ, රාවුල්, කැමිලෝ, අබෙල් සාන්ත මරියා, ජුවාන් අල්මේදා, හයිඩ් සාන්ත මරියා, සිලියා සන්චෙස් වැනි විප්ලවීය නායකත්වය තුල පෙන්වූ විශිෂ්ට කොමියුනිස්ට්වාදී ගුණාංග, ආදර්ශයන් තවමත් අනභිබවනීයය. අරගලයේ ආචාර ධර්ම හා ප්‍රතිපත්ති පිලිබඳ " මගේ ජීවිතය කෘතියේ ෆිදෙල් සහොදරයා මෙසේ සඳහන් කර ඇත.

" ඔබ ප්‍රතිපත්තිගරුක විය යුතුය. ජනතාව සඳහා ප්‍රතිපත්ති සේම ඔබේ සතුරන් සඳහා ප්‍රතිපත්තිද ඔබට තිබිය යුතුය. නැතිනම් ඔබට ජය ගත නොහැකිය"
" ඔබ සතුරාගේ ගෞරවයට පාත්‍ර විය යුතුය. සතුරාට තදින් පහර දිය යුතුයි ..එහෙත් අවමන් නොකළ යුතුයි.."

ජොසේ මාටිගේ ඉගැන්වීම් තුලින් සිය අද්‍යාත්මය පෝෂණය කල පිදෙල් සැබෑ කොමියුනිස්ට්වාදියෙක් තුල තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් වූ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තොර වූ සටන් කිරීමේ සාරධර්මයට පමණක් යටත් වූ මිනිසුන් දහස් ගණනින් බිහිකිරීමට සමත් විය.





Thursday, June 27, 2013

අප්‍රිකානු මහද්වීපය බිහිකල අසහාය සමාජවාදියා පැට්‍රිස් ලුමුම්බා මරා දැමු සැටි ........




      අප්‍රිකා මහාද්වීපය සදාකාලික වහල් භාවයේ තබාගැනීම බටහිර ලෝකයේ ධනවාදී රටවලට අවශ්‍ය වුයේ වූයේ අප්‍රිකානු භූමියේ ඇති රත්රන් සිට දියමන්ති දක්‌වා වූ ඛනිජ ද්‍රව්‍ය සූරා කෑම සඳහාය. කොංගෝව යන නම සහිත රටවල්, ප්‍රදේශ සහ ප්‍රාන්ත දහයකටත් වැඩි ගණනක්‌ තිබුණි. බෙල්ජියානුවන්, ප්‍රංශ කාරයන් ස්‌පාඤ්ඤ ආක්‍රමණිකයන් අතර බොහෝ අප්‍රිකානු රටවල් බෙදී තිබිණි. 1950 න් පසු ඒ හැම ආක්‍රමණිකයකුගේම පිටුපසින් සිටි ශක්‌තිමත් සෙවනැල්ල වූයේ ඇමරිකානු ව්‍යාප්තවාදියාය.ඇමරිකාව අප්‍රිකාවේ කුමන්ත්‍රණ සංවිධානය කරමින් ද, කුමන්ත්‍රණ කරුවන්ට යුධ ආධාර සපයමින් ද ස්‌වකීය න්‍යාය පත්‍රය කර ගත්තේය.

      පැට්‍රිස් ලුමුම්බා නම් වාමාංශික නායකයා මරා දැමීමේ උවමනාව අධිරාජ්‍යවාදී ලෝකය පුරාම විහිදී තිබුණි. පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කිරීමට මුල්ව තිබුණේ ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය වුවද ලෝකය හමුවේ ප්‍රකාශ වුයේ එතෙක්‌ කලක්‌ කොංගෝව පාලනය කළ බෙල්ජියානුවන්ගේ ආධාරය ඇතිව ලුලුම්බා විරෝධී ස්‌වදේශිකයන් පිරිසක්‌ විසින් ඝාතනය සංවිධානය කරන ලද බවය. එහෙත් ලුමුම්බා ඝාතනය කිරීම පිළිබඳ සත්‍ය කතාව මෙතැන් සිට ඔබට කියමු.

      1959 දී බෙල්ජියානු රජය, තමන් යටතේ පැවැති කොංගෝවට නිදහස දුන් පසු රටේ පළමුවන මහ මැතිවරණය පවත්වන ලදී. එහිදී පැට්‍රිස් ලුමුම්බා ගේ පක්ෂය සහ තවත් කුඩා පක්ෂද කිහිපයකට පාර්ලිමේන්තු ආසනවලින් වැඩි බලය හිමි විය. මේ සියලු පක්ෂ එකතුව නිදහස්‌ කොංගෝවේ පළමුවන රජය පිහිටුවන ලදී. සභාගයක් නිසා දුර්වල ආණ්‌ඩුවක්‌ විය.

      අගමැති හැටියට පත්වූයේ පැට්‍රිස් ලු
මුම්බා ය.ඊළඟ මැතිවරණ අවස්‌ථාවක දී ආණ්‌ඩුවක්‌ මාරුවන විට රටේ පාලනය බාරදෙනු පිණිස ජෝසප් කසිවුබු නමැති ජනාධිපතිවරයා පත් කරන ලදී. ලුමුම්බා අගමැති වූ දවසේ පටන්ම බෙල්ජියම හා ඇමරිකාව මහත් නොසන්සුන්තාවකට පත් විය. වාමාංශිකයකු වූ ලුමුම්බා ඒ වනවිටත් සෝවියට්‌ සංගමය සමග කිට්‌ටු සම්බන්ධකම් පවත්වමින් සිටියේය. මේ අනුව නුදුරු අනාගතයේදීම කොංගෝවත් අප්‍රිකාවේ සෙසු රටවල් සමූහයත් සමාජවාදී රාජ්‍යයන් වනු ඇතැයි උපකල්පනය කළේය.ඔහු මරා නොදමුවානම් එසේ වීමට ඉඩකඩ තිබුණි.

      කොංගෝවේ පාර්ලිමේන්තුව කුඩා පක්ෂ විවිධ 
ප්‍රදේශ වලින් පැමිණි ගෝත්‍රික ජනවර්ගවල නියෝජිතයන්ගේ එකතුවකි. ඒ හැම නියෝජිතයකුටම උවමනා වූයේ තම ප්‍රදේශයට රජයේ වැඩිම පහසුකම් ලබාගැනීමය. එහෙත් එය ලුමුම්බා හරහා එය කරගන්නට බැරි බව වැටහුණි.ඉන් පසුව සභාග රජයේ පක්ෂ එකින් එක ලුමුම්බා හැර යන්නට පටන් ගත්තේය. එබැවින් පිහිටුවා සතියක්‌ තුළ ආණ්‌ඩුව බිඳ වැටුණි.


      කොංගෝවේ හමුදා ප්‍රධානී හු බෙල්ජියන් ඉත්තෝ වූහ. ආණ්‌ඩුව බිඳ වැටුණු පසු හමුදාව තුළ කැරැල්ලක්‌ හටගත් අතර කොංගෝවේ ඛනිජ ද්‍රව්‍ය වලින් සරුම ප්‍රාන්තය වූ කටන්ගා (Katanga) වෙනම රාජ්‍යක්‌ බවට පත් විය. කටන්ගාව වෙනම රටක්‌ බවට පත් කිරීම සංවිධානය කරන ලද්දේ මොයිස්‌ ෂොම්බේ (Moise Tshombe) නමැති බලසම්පන්න දේශපාලනඥයාය. ඔහු බෙල්ජියානුවන්ගේ ඉත්තෙකි. 

      ලුමුම්බාගේ රජය බිඳ වැටුනු වහාම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බෙල්ජියම කොංගෝ ජනාධිපති කැසවුබු (Kasavub) ට නියෝග කළේය. ඒ අනුව කොංගෝවේ හමුදාපති ජෝසප් සෙසෙ සෙකෝ මොබුටු (Joseph sese seko Mobutu)) බලඇණියක්‌ යවා ලුමුම්බා අත්අඩංගුවට ගනී. අනතුරුව හමුදාපති මොබුටු ඉදිරිපිටදී ලුමුම්බාට අමානුෂික ලෙස පහර දෙනු ලැබීය. ඉන්පසු ඔහු කොංගෝවේ අගනුවර මහා මාර්ග දිගේ ඇවිද්දවමින් පහර දේ . අනතුරුව ඔහු බන්ධනාගාරයට ගෙන ගිය විට මේ අපරාධයට විරුද්ධ බන්ධනාගාර නිලධාරීහු කැරළි ගසති. ලුමුම්බා ගුවන් යානයක පටවාගෙන කටන්ගා 
ප්‍රාන්තයට ගෙන ගොස්‌ ඝාතනය කරන ලෙස නියෝග ලැබේ. යානය තුළට දමනු ලැබූ ලුමුම්බාට සහ ඔහුගේ අනුගාමිකයන් වූ මොරිස්‌ පෝලෝට සහ ජෝෂප් ඔකිටේට තවදුරටත් පහර දෙන අතර එය සිදුවන්නේ ගුවන් යානය ගමන් කරන අතරය. මේ ප්‍රචණ්‌ඩ ප්‍රහාරය කොතරම් බිහිසුණුද යත් පහරදීම්වල වේගයට යානය පැද්දෙන්නට පටන් ගනී. පහර දීම නොනැවැත්වුවොත් ගුවන් යානය කඩාවැටෙනු ඇතැයි එවිට නියමුවා කියයි. කටන්ගාවට ගොඩබාන යානයෙන් පිටතට ගන්නා ලුමුම්බාට සහ අනුගාමිකයන් දෙදෙනාට බෙල්ජියන් හමුදා ප්‍රධානීන්ගේ නියෝගය පරිදි වෙඩි තබා මරයි.

      එම අවස්‌ථාව නැරඹීමට මොයිස්‌ ෂොම්බේ ද සහභාගි වෙයි. මළ කඳන් තුන විනාශ කිරීමේ වගකීම පැවැරෙන්නේ කටන්ගා පොලිසියේ බෙල්ජියන් ලොක්‌කා වූ ජෙරාඩ් සොයේට්‌ වෙතය. ඔහු තම මිතුරකුගේ සහය ලබාගෙන මළ සිරුරු තුන කැබලිවලට කපා විශාල ඇසිඩ් භාජනයක දමා දිය කරයි. ඉන් පසු දින දෙකක්‌ම මත්පැන් පානය කරමින් සිහිසුන්ව ගත කරන ඔවුන් කියන්නේ සතුන්වත් නොකරන දෙයක්‌ කරන්නට තමන්ට සිදුවීම නිසා හටගත් අපුලතාව මත එසේ අසිහියෙන් ඉන්නට තීරණය කළ බවය.


      ලුමුම්බාගේ පාලනය බිඳවැටෙන විට කොංගෝව තුළ එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ විය. පළමු වරට මොබුටු ඉදිරිපිට ලුමුම්බාට භීෂණකාරී ලෙස පහර දෙන විට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාව ගල් ගිල්ලාක්‌ මෙන් ඒ දෙස බලා සිටියේය. බෙල්ජියම මේ දුෂ්ට කුමන්ත්‍රණය සඳහා එරට මුදල්වලින් ෆ්‍රෑන්ක් කෝටි ගණනක්‌ යුද හමුදාව සහ පොලිසිය අතර බෙදාහැරියේය. ලුමුම්බා මළ පසු බෙල්ජියානුවෝ මොයිස්‌ ෂොම්බේ ජනාධිපති තනතුරට පත් කළේය.. බෙල්ජියම සිතුවේ තමන්ට අවශ්යු දේ සිදුවූ බවය. එහෙත් ඇත්තටම සිදුවී තිබුණේ ඇමරිකාවට අවශ්යම දේය. පැට්රිස්‌ ලුමුම්බා හැකි ඉක්‌මණින් ඝාතනය කළ යුතු බව 1960 දී එවකට සිටි ඇමරිකන් ජනාධිපති ඩී. ඩී. අයිසන්හවර් පෞද්ගලිකවම නියෝග කළේය. ලුමුම්බා සෝවියට්‌ සංගමය සමග එකතු වීමෙන් අනාගතයේදී විය හැකි හානිය ඔහු ගණන් බලා තිබුණේය. ලුමුම්බා ඝාතනය කිරීමට බ්‍රිතාන්‍යයේ M15 ඔත්තු සේවයටද අවශ්‍ය විය.

මරා දැමීමට මොහොතකට පෙර
      ධනේශ්වර අලුගෝසුවන් විසින් අප්‍රිකානු ලෝකය තුල බිහි වූ මානව හිතවාදී දේශපාලන නායකයෙකු ඝාතනය කලේ සමාජවාදී ලෝකයට ඇති බිය නිසාය. සමාජවාදය මානව වර්ගයාගේ නිදහස හා ප්‍රවර්ධනය පිණිස වන අතර ධනවාදය එහි බිහිසුණු ඝාතකයා බව ලුමුම්බා මරා දැමීමෙන් පෙන්වීය.

Tuesday, June 25, 2013

වියට්නාමයේ රන් අසිපත නමින් විරදාවලිය ලත් අසහාය සමාජවාදී සෙන්පතියා වූ වෝ ගිඅප්......





      මාක්ස්වාදය ඉතිහාසය තුල හුදකලා තනි වීරයන්ගේ වීර වික්‍රමාන්විතයන් ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඉතිහාසය ගොඩ නැගීමේදී විශේෂ පුද්ගලයන්ගේ විශේෂ දායකත්වය ප්‍රතික්ෂේප නොකරයි. මන්ද එවැනි පුද්ගලයන්ද ඉතිහාසයේ අවශ්‍යතාවයන් ගේ නිර්මාණයන්ය.

      ඉතිහාසය සුවඳවත් වුයේ පාරාර්ථ කාමී මිනිසුන්ගේ අව්‍යාජ කැප කිරීම් මතය. මේ එවන් මිනිසෙකුගේ ආවර්ජනයක්.....


      වියට්නාමයේ රන් අසිපත නමින් විරුධාවලිය ලත් අසහාය සමාජවාදී සෙන්පතියා වූ වෝ ගිඅප්, 1911 අගෝස්තු මස 25 වෙනි දින වියට්නාමයේ Anxa නම් දුෂ්කර ප්‍රදේශයේ ඉතා දිලිදු පවුලක උපත ලැබීය. මෙම අසහාය කොමියුනිස්ට් යුධ වීරයා ජීවිතය දැඩි අධිෂ්ඨානයෙන් ජය ගත්තා සේම අධ්‍යාපනයෙන්ද සිය සහජ කුසලතාවයන් පිළිබිඹු කළා. 1930 දී Hanoi විශ්වවිද්‍යාලයට ඇතුල්වී දේශපාලන විද්‍යාවට ගෞරව උපාධිය හිම්කරගත්තා .ඉන් පසුව ගුරුවරයෙකු, පුවත් පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරමින් TIEN DANG නම් තරුණ විප්ලවවාදී කවයට එකතු වී සිය දේසපාලන ගමන ආරම්භ කළා. 1931 දී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට එකතු වන වෝ ප්‍රංශ අධිරාජ්‍යවාදයට එරෙහි පළමු උත්ඝෝෂණයට සහභාගි විය.ඉන් අනතුරුව යුධ ඉතිහාසය හා දර්ශනය පිළිබද ගැබුරු අධ්‍යනයක නිරත විය.

      නැපෝලියන් හා වියට්නාම් යුද වීරයෙකු වූ Sun Tzu අනුගමනය කල උපක්‍රමශීලී යුද කටයුතු කෙරෙහි සිය තරුණ රණකාමි විප්ලවවාදියාගේ සිත ඇදී ගියා.ඔහු Tap Moi නමින් සමාජවාදී පුවත් පත ආරම්භ කරමින් ජනතාව මිත්‍යාවෙන් යථාර්තයට රැගෙන ආවේය . ඒ අතර ඔහුට තවත් සමාජවාදී තරුණ ක්‍රියාකාරිනියක් වූ Nguyen Thi මුණ ගැසී විවාහ දිවියට පත් විය. 1954 මාර්තු මස 13 දින වියට්නාම් ජාතික හමුදාව පිහිටුවා වියට්නාමය පෙළමින් සිටි ප්‍රංශ අධිරාජ්‍යයාට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට දින 54 ක අඛණ්ඩ සන්නද්ධ  අරගලයක් සිය වාමාංශික භටයන් සමග දියත් කළා. තවත් රණකාමි සෙනෙවියෙක් වූ කර්නල් පිරොත් සමග සටන් බිමට පිව්සි හෙතම සටනට වීරෝදාර නායකත්වයක් සැපවූයේ යුදබිමේ ඉදිරියෙන් සිටිමින්ය. ප්‍රංශ කාලතුවක්කු පොඩි පට්ටම් කරමින් ඉදිරියට ඇදුනු වියට්නාම් භටයන් ප්‍රතිවාදී ප්‍රංශ යටත් විජිත රෙජිමේන්තු ඉතා කුඩා බිම් කඩකට සීමා කළේය. ප්‍රංශ හමුදාවට යුද නායකත්වය දුන් ජනරාල් De Castries ඔහු සැඟවී සිටි බංකරයේදීම නිරුපද්‍රිතව අත්අඩංගුවට පත් විය.

      1954 මැයි 7 වෙනි දින ප්‍රංශ අධිරාජ්‍යවාදීන් වියට්නාමය ඉදිරියේ පරාජය ලැබුවා. කුඩා මිනිසෙකු මෙන්ම අයෝමය එඩි බලයකින් පිරිපුන් ජනාරාල් වෝ වියට්නාම් වැසියන්ගේ කීර්තිය හා ස්වෛරීභාවය රැකදුන්නා . 2200 මියගොස් 5600 ක් අබාදිත කරමින් 11721 ක භට හමුදාවක් යුද සිරකරුවන් බවට පත් වීමෙන් අනතුරුව ප්‍රංශ පරාජිත ධජය අකුලාගෙන වියට්නාමයෙන් පසු බැස්සේය. ඉන් පසුව උදාවෙන්නේ වියට්නාම් ඓතිහාසික යුද්ධයයි .ඇමෙරිකානු යැංකි හමුදවාන් සමග සටන් වැදුණු වෝ ප්‍රමුක වියට්නාම් ජාතික හමුදාව ලෝකයට ආදර්ශයක් දෙමින් අධිරාජ්‍යවාදය පරාජය කරන්නේ කෙසේදැයි පෙන්වා දුන්නා. විපුල යුද දැනුමකින් පිරිපුන් මේ උදාර මිනිසා ඇමරිකානු හමුදාවන් තමන්ගේ යුධ උපක්‍රම ඉදිරියේ පරාජය වෙනු දැක ඇමෙරිකානු යුද ශක්තියේ ඇති පුහු ආටෝපය ලොව ඉදිරියේ නිරුවත් කළා.මේ සෑම සටනකටම නිවැරදි දේශපාලන නායකත්වය හෝ චෝ මින් විසින් දෙනු ලැබුවා. ඒ සබැ නායකයන්ගේ ස්වරුපය..... වියට්නාම් යුද්ධය ජය ගැනීමට ඔහු කුඩා භට කණ්ඩායම් ගරිල්ලා සටන් පුහුණුවකින් සන්නද්ධ කර ඉතා සියුම් උපක්‍රම තුලින් යැංකි හමුදාව පරාජය කරමින් ඉදිරියට ඇදුනේය.

      ඇසිපිය හෙලන මොහොතකදී තියුණු ප්‍රහාර එල්ලකර යැංකි කදවුරු බිමට සමතලා කළ සමාජවාදී භටයන් වියට්නාම් සමාජවාදී බලය ලොවට පෙන්වුයේ මහත් අභිමානයකිනි. ජනාධිපති රිචර්ඩ් නික්සන් ට වියට්නාමය තම හිස මත කඩා වැටුණු දෙවොලක් විය. තියුණු ප්‍රහාරයන් හමුවේ අඩපන වූ යැංකි හමුදා සිය රටට කැඳවීමට ඔහු සටන් විරාමය නම් ගැල විජ්ජාව ගෙන ආවේය.ඒ මොහොතවනවිට අති විසාල ඇමෙරිකානු යුධ සිර කරුවන් පිරිසක් හැනොයි නගරයේ රදවා සිටියේය. නැවතත් බලකාමයෙන් උන්මන්තකවූ ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් ලැජ්ජාව පිරිමසා ගැනීමට LINEBACKER 2 නමින් වියට්නාමයට මිලියන ගණන් බෝම්බ ගුවනින් හෙලන ලදී. එහෙත් රණකාමී වියට්නාම් ජනතා හමුදාවෝ එල්ල කල ප්‍රති ප්‍රහාර හමුවේ සියලු ඇමෙරිකානු ප්‍රයත්නයන් හකුලා ගන්නට නික්සන් ජනාධිපතිට සිදු උනා. Paris Peace Acord නමින් නැවත ඇඟ බේරා ගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස හෝ චෝ මින් සමග එකගතාවයකට එලබුනා.සිය පරාජිත යැංකි හමුදාව සදාකාලික අංගවිකලත්වයට පත් වූ දහස් ගණන් භටයන් සමග සිය රටට කැඳවනු ලැබුවා. ජනරාල් වෝ ගේ ඊළඟ ප්‍රයත්නය වූයේ දකුණු වියට්නාමය මුදවා ගෙන උතුර දකුණ එක්කොට හෝ චෝ මින් ගේ නායකත්වයෙන් සමාජවාදී වියට්නාමය බිහිකිරීමය. ඒ වෙනුවෙන් අධිරාජ්‍ය ගැති දකුණු වියට්නාම් ජනපති Nguyen Van Thieu බිරාන්තයට පත් කරමින් වියට්නාම් ජාතික හමුදාවන් දකුණු දෙසට ප්‍රහාරක හමුදාවන් මෙහෙය වුවා. එස්.යු -100 නමැති යුද ටැංකි සිය ගණනක් එකම දිනක විනාශ කරමින් එල්ල කල දැවැන්ත ප්‍රහාර හමුවේ ඔහු බටහිර අධිරාජ්‍යවාදී නායකයන්ගෙන් උපකාර ඉල්ලා සිටියා.එහෙත් වීරෝදාර වියට්නාම් භටයන්ගෙන් සදා අමතක නොවන පාඩමක් උගත් ඔවුන් ඉවත බලා ගත්තා. එම අරගලය හෝ චෝ මින් campaign නමින් නම් කළා.

    

අනතුරුව 1975 අප්‍රේල් 30 දින සමාජවාදී වියට්නාම් ජනරජය හෝ චෝ මින් යටතේ ගොඩ නැගුවා. 1946 ආරම්භ කල ඉන්දු චීන සටනට නායකත්වය දුන් වෝ 1975 අවසන් නිදහස් අරගලය තෙක් අසහාය යුද නායකත්වය වියට්නාමයේ උස් නිදහස වෙනුවෙන් කැප කළා. ඔහුට අහිමි වූ දේ බොහොමයි . තම ආදරණීය දියණිය පවා සතුරන් විසින් දුෂණය කර වද දී මරා දැමුවා. ජනරජය පිහිට වීමෙන් අනතුරුව ඔහු ජාතික ආරක්ෂක ඇමති දුරයටත් , උප අගමැති තනතුරටත් පත් උනා. ඉතිහාසය විසින් ඔහුට පැවරු කර්තව්‍ය නිසි ලෙස ඉටු කල සෙනෙවියෙකු වූ හෙතම ඉතිහාසය පිලිබදව චින්තකයෙකු වූ Stanly Karnow විසින් මෙම වීරයා ...Wellington , Grant , Rommel , Lee , Mc Arthur ට සමාන කළා. වෝ විසින් විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම රචනා කලා. ඒ අතර Greeat Task , People's Army , People's War , Big victory ඉතා අගනා යුධ ග්‍රන්ථ වේ.


උපුටා ගැනීම - දැක්ම එස් එල් බ්ලොග් අඩවිය

Monday, June 24, 2013

චේ ගවේරා මරා දැමු මාරියෝ ගේ පාපොච්චාරණය......





      "ගේ ජීවිතය කිසිදු එළියක්‌ නැති අඳුරු අගාධයක්‌ බව මට සිතේ. තරුණ වියේදී කළ සාහසික තුච්ච ක්‍රියාවක් නිසා මේ අඳුරු අගාධය තුළ මැරෙන තුරු හුදෙකලා වීමට මට සිදුවනවා ඇත. චේ මරණ ලද්දේ මගේ අත්වලිනි. එවිට මට වයස අවුරුදු විස්‌සකි. චේ ට වයස අවුරුදු හතළිහකි. අත්අංගුවට පත්වූ චේ ට වෙඩි තබන්නේ කවරෙක්‌ ද යන ප්‍රශ්නය මතුවනවිට මම වහා ඉදිරියට පැන ඒ කටයුත්ත භාර ගතිමි. එයට හේතුවක්‌ තිබේ. චේ බොලිවියානු කඳුකරයේ සිට ගරිල්ලා සටන් කළේ අප සමඟය. මගේ කණ්‌ඩායමේ මාරියෝලා තවත් තිදෙනෙක්‌ වූහ. ඒ තුන් දෙනාම චේ ගේ ගරිල්ලා කණ්‌ඩායම වෙතින් මැරුම් කෑහ. එය ඉතා කෲර වූ සිද්ධියකි".


      "ගරිල්ලා සටන්වලදී දෙපැත්තෙන්ම මිනිස්‌සු මැරෙති. සමහරවිට ඒ සියලු දෙනාම මාරියෝලා වුවත් අප පුදුම විය යුතු නැත. එහෙත් තරුණ මදය සහ මත්පැන් විසින් විකාරයක්‌ව තිබූ මගේ මනස මට බල කළේ මාරියෝලා මැරීමේ පලිය චේ වෙතින් ගත යුත්තේ මාරියෝ කෙනකු වන මා විසින්ම බව ය. මගේ ඇත්ත නම මාරියෝ ටෙරාන්. එහෙත් දැනටත් මා ජීවත් වන්නේ ෆෙද්රෝ සල්සාර් යන ව්යාජ නමිනි. මා කිසියම් තැනක සිටියදී කිසිවකු "මාරියෝ" යයි වෙනත් කෙනකු ඇමතූ කළ මගේ දෙපා පණ නැති වෙයි. චේ මැරූ පළිය ගැනීමට පැමිණි ගරිල්ලකු මා පිටුපස සිටින්නාක්‌ මෙන් මට දැනෙයි. බොලිවියාවේ ලොකුම නගරය වන සාන්ත කෲස්‌ ඩෙලා සියෙරා නගරයේ මගේ නිවස පිහිටා ඇත. එහෙත් එහි ලිපිනය රහසකි. චේ මැරීමෙන් පසු මා ගත කළ හමුදා ජීවිතයද ඉතා රහස්‍ය එකක්‌..........................................., මම එළියට නොආවෙමි. නිතරම ආවරණය වූ කාමරයක සිටියෙමි. නිතරම මත්පැන් පානය කළෙමි. මට දරුවෝ පස්‌ දෙනෙක්‌ සිටියා. චේ ට ද දරුවන් පස්‌ දෙනෙක්‌ සිටි බව මා අසා ඇත. නිතර මත් පැන් පානය කළ නිසා හෝ කිසියම් සාපයක්‌ නිසා හෝ මීට වසර දහයකට පෙර යුද හමුදාවෙන් විශ්‍රාම ගන්නා විට මගේ දෑස්‌ මහත්සේ දුර්වලව තිබිණ. ඒ අතර කියුබානු දොස්‌තරවරුන් පවත්වන අක්‌ෂි සායනයක්‌ ගැන මට ආරංචියක්‌ ලැබිණ. කියුබානුවන් තරම් හොඳ දොස්‌තරලා මේ මුළු මහත් ලතින් ඇමරිකාවේම නැත. චේ මැරීමෙන් පසු කියුබානුවන්ගේ නම ඇසූ විටත් මා තුළ කම්පනයක්‌ හටගනී. අක්‌ෂි සායනය ගැන මම මගේ පුතකු සමඟ සාකච්ඡා කළෙමි. අන්තිමේදී කියුබානුවන් පැවැත්වූ අක්‌ෂි සායනයකට ෆෙද්රෝ සල්සාර් යන නමින් මම සහභාගි වුණෙමි".


චේ ඝාතකයා මාරියෝ ටෙරාන් 
      "චේ මැරූ මිනීමරුවා මා බව නොදත් කියුබානුවෝ මට සැත්කමක්‌ කර මගේ ඇස්‌ පාදා දුන්හ. දැන් මගේ ඇස්‌ දෙක ඉතා හොඳින් පෙනෙයි. චේ ගේ මූලිකත්වයෙන් ගොඩ නැංවූ නූතන කියුබාව විසින් චේ වැනිම ත්‍යාගශීලී දොස්‌තරවරුන් දස දහසකට වඩා බිහිකර ඇත. සැත්කම නිමවීමෙන් පසු මට එක්‌ දෙයක්‌ තේරුම් ගියේය. එනම් මා මාරියෝ ටෙරාන් බව දැන ගත්තාද කියුබන් දොස්‌තරවරුන් මා රෝගියකු ලෙස පමණක්‌ සළකා සැත්කම කරන බවය. මගේම හෘද සාක්‌ෂිය සමඟ නඩු කියන මට එයින් ගැලවීමක්‌ නැත. එහෙත් ඒ නඩුවෙන් කියුබානුවන්ට වැඩක්‌ නැත. මා සී. අයි. ඒ. උදව් ලැබූ බොලිවියානු හමුදාවේ කුලී හේවායකු වන නිසා චේ ගේ ආත්මයද එම නඩුවෙන් මා නිදහස්‌ කරනවා ඇත".




චේ සහොදරයාගේ මළ සිරුර 
























උපුටා ගැනීම - දැක්ම එස් එල් බ්ලොග් අඩවිය






ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ ඔටුණු නොපැළඳී ක්‍රීඩකයා රණතුංග කරුණානන්ද .....



      ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලද ඔහු ගැන කතා කිරීමට, ඔහු අගය කිරීමට ශ්‍රී ලාංකිකයන් වු අපටද අමතක වී නොමැත. ඕනෑම බාල මහලූ අයෙක්ගෙන් ඇසූ පමණින්ම හුසේන් බෝල්ට් හඳුනාගන්නා ශ්‍රී ලාංකිකයින් රණතුංග කරුණානන්ද යැයි කියු පමණින්ම හඳුනාගනීද?

      ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ ඔටුණු නොපැළඳී ක්‍රීඩකයා රණතුංග කරුණානන්ද යනු කවරෙක්ද හා ඔහුගේ වගතුග හෙළිකරනු වස් මෙම ලිපිය ඔබ හමුවට ගෙන එන්නෙමි.

      සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, වැනි අයගේ නම් සඳහන් කල
 සැනින් අප මතකයට නැගෙන්නේ ඔලිම්පික් සිහිනයයි. එදා මෙදා තුර ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ අතර ඔලිම්පික් ජයග්‍රහණ මෙන්ම එයට සහභාගි වුවන්ගේ මතකය සදා අප මතකයේ රැදෙන කරුණක් වනවාට කිසිදු සැකයක් නොමැත. 



      රණතුංග කරුණානන්දයන්ද එවැනි පුද්ගලයෙකි.1964 ටෝකියෝ නුවර ඔලිම්පික් සිහිනය හිස දරා ගෙන මීටර් 10,000 ඉසව්වට සහභාගි වූ ධාවන ශූරයෙකි. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරගකරුවන් අතර බිලී මිල්ස් නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්නා ලදිග ප්‍රථම දෙවන තෙවන ස්ථාන පිළිවෙලින් තීරණය වෙද්දී අනෙකුත් ක්‍රීඩකයින් එකිනෙකා තරගයෙන් ඉවත් විය කරුණානන්දට වඩා වට 4ක් ඉදිරියෙන් බිලී මිල්ස් තරගය නිම කර අවසාන වු නමුත් කරුණානන්දට තරගය අවසන් වුයේ නැත. අන් සියලූම ක්‍රීඩකයින් ධාවන පථයෙන් ඉවත් වුවත් කරුණානන්ද තම වටයන් හමාර වන තෙක් පිට්යෙන් ඉවත් වුයේ නැත. තනිව දිව ගිය ඔහුට ප්‍රථම වටය පුරාවටම හිමිවුයේ ප්‍රෙක්ෂකයන්ගේ උසුලූ විසුලූ ය. එහෙත් නොපසුබට වු කරුණානන්ද ඉදිරියටම ඇදුනේ තම කාර්ය නිම කිරිම සඳහාය. සිදුවන වන දෙය තේරුම්ගත නොහැකිව ප්‍රේක්ෂකයින් තුෂ්නිම්භූතව බලා සිට්යේ කරුණානන්දයන්ගේ අධිෂ්ඨානශිලීත්වයයි. ප්‍රේක්ෂකාගාරයෙන් අන් කිසිම තරගකරුවෙකුට ඵල නොවු අත්පොළොසන් නාදය දසත පැතිර ගියේ ශ්‍රී ලංකා මාතාව ආඩම්බර කරමින්ය. පුරා වට දෙකක් ඒකාකාරිව අත්පොළොසන් දෙමින් හුන් අසුනෙන් ප්‍රේක්ෂකයා නැගී සිට්යේ කරුණානන්දයන්ට සුභ පැතුම් එක් කිරිමටය.මුලූ ක්‍රීඩාංගනයම ගිගුම් දුන්නේ කමෝන් සිලෝන්.... කමෝන් සිලෝන්.... ලෙසය. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කළ ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කදුලින් තෙත් විය. තරගය අවසානයේ බිලී මිල්ස් සමග කරන ලද සාකච්ඡාවකදී පවසා ඇත්තේ "ප්‍රථම ස්ථානය හිමිවිය යුත්තේ මට නොව කරුණානන්දට" යනුවෙනි. 

      1964 දී ඔලිම්පික් සඳහා පිටත්ව ගිය ක්‍රීඩකයින්ට අද මෙන් අනුග්‍රහකයින්, පෝෂණවේදීන්, වැන්නවුන් පිරිවරාගෙන යාමට හැකියාවක් නොවීය. ඔවුන් සහභාගි වුයේ හුදෙක් තම මව්රටේ අභිමානය රැක ගැනීම සඳහාය. කරුණානන්දයන් අදටත් අප රටට සැගවුණු චරිතයක් වුවත් ජපන් රටට ඔහු වීර චරිතයකි. තම රටේ අභිමානය ගැන උදම් අනන ලංකාවේ මිනිස්සුන්ට කරුණාන්නද අමතක වුවත් ජපන් රටේ කුඩා දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා ජපන් රජය මේ නොපසුබට උත්සහයෙන් හෙබි ධාවකයා පිළිබඳව ඔවුන්ගේ අධ්‍යාපන පෙළ පොත් වලට පවා ඇතුලත් කළේ මිනිස් අධිෂ්ඨානයේ මහිමය කියා පෑ නිසාමය. එපමණක් නොව ඔවුන් කරුණානන්දට රැකියාවක් පවා පිලිගැන්වීමට පියවර ගත්තේය. එහෙත් අවසනාවට රැකියාව භාර ගැනීමට දින කිහිපයකට පෙර ඔහුට මෙලොව අතහැර යාමට සිදුවිය. ඒ 1974 වර්ෂයේ දීය. අදටත් ඔහුගේ මරණය අභිරහසක්ව පවතින්නේ කුමක් හේතුකොට ගෙන ද යන්න පැන නගින තවත් ගැටලූවකි. 

      කරුණු කාරනා එසේ වෙතත් ජපන් ජාතිකයින් කරුණානන්ද අමතක නොකළේය. ඔවුන් කරුණානන්දගේ ජීවිතය අලලා සැකසුණ වාර්තාමය රූපවාහිනි වැඩසටහනක් කිරීම සඳහා ලංකාවට පැමිණියේ ලංකාවට අමතක වූ ලංකාවේ වීර චරිතය ඔවුන්ට ඛෙහෙව්න්ම වැදගත් නිසාය. එහෙත් අපේකම ගැන පුරසාරමි දොඩවන මහා ආඩම්බර ජාතියක් වු ශ්‍රී ලාංකිකයාට තම රට වෙනුවෙන් ශ්‍රමය හෙලූ කැරණානන්දයන් පිලිබඳ කිසිදු මතකයක් නොවීය. මේ නිසාම ජාතික කණ්ඩායමට හමුවුයේ මැරතන් කරු නමි වෙනත් පුද්ගලයෙකි. අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුලූ පිරිස ඝාතනයට ලක් වු මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයේදී මිය යන්නේ ද මේ මැරතන් කරු නම් පුද්ගලයාය. කෙසේ නමුත් අවසානයේදී මැරතන් කරුගේ උදව්වෙන් රණතුංග කරුණානන්දයන්ගේ පවුලේ උදවීය සොයා ගැනීමට මේ ජපන් නියෝජිත කණ්ඩායමට හැකි වුණේ මහත් ශ්‍රමයකින් අනතුරුවය. මහා පාරේ ඇවිද්දත් මැණික් අහුල මේ රටේ රටට සේවයක් කළ පුද්ගලයෙකු පිලිබඳ වග තුග සොයා ගැනිම මෙතරම් අපහසු කාර්යයක් වීම පුදුමය කරුණක් නොවන්නෙහිද? 

      කරුණානන්දගේ අභිරහස් මරණයෙන් පසු උන් හිට් තැන් අහිමි වී ගිය ඔවුනට පිහිට වී ඇත්තේ ඔවුන්ගේම ඥාතියෙකි. ජපන් නියෝජිත කණ්ඩායමට කරුණානන්දගේ පවුලේ උදවිය හමුවන විට කරුණානන්දගේ බිරිඳ තම සැමියාගේ වියෝවෙන් ඇතිවු කමිපනය නිසා මානසික ව්‍යාකූල තත්වයකට ගොදුරු වී සිටි අතර ඇය ඇගේ දුව හා පුතා සමග වාසය කළේය.

      හුසේන් බෝල්ට්, මේරියන් ජෝන්ස් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගුණ නිතර නිතර කියැවීමට නොපසුබට වන අපට රණතුංග කරුණානන්ද වැනි ශ්‍රේෂ්ඨ චරිතයක් අමතක වී යාම මුලු මහත් සිංහල ජාතියටම ලැජ්ජාවට කරුණක් බව මාගේ මතයයි. ජාතික වීරයන් ඉතිහාසයෙන් ම උරුම වූ අප රටට මෙවන් වීර චරිතද නොඅඩුව පවතී. මිනිසුන් හැටියට අපට මුණගැසෙන සෑම චරිතයක්ම මතකයේ රඳවා ගැනීමට අපහසු වූවත් අප අගය කළ යුත්තා අගය කළ යුතුමය. පිදිය යුත්තා පිදිය යුතුමය. සුදුස්සාට නිසි තැන දිය යුතුමය.පරගැතියන් අගය කිරිමට ප්‍රථම මඳක් හැරි අප දේශයේ,මව්බිමේ උන්නතිය වෙනුවෙන් කැප වූ ශ්‍රී ලාංකීය දූ පුතුන්ගේ දක්ෂතා අගය කිරිම, ඔවුන් සිහිකිරිම ආඩම්බරයට කරුණක් නොවේද?


සටහන - වෙරෝනිකා ප්‍රනාන්දු




http://www.youtube.com/watch?v=-wlVpRWPfyY





තරුණ කොමියුනිස්ට් වාදියෙක් යනු කවරෙක්ද ..?



     
චේ ගේ නායකත්වයෙන් තිබු කියුබන් විප්ලවකාරී හමුදාවේ උපදේශන හා අධ්‍යන දෙපාර්තමේන්තුව විසින් 1959 දෙසැම්බරයේදී විප්ලවකාරී තරුණ සංවිධානය නමින් සංවිධානයක් පිහිට වීය. 1969 වන විට රට පුරා විහිදී තිබුණු අනෙකුත් තරුණ සංගම් හා ඒකාබද්ද වෙමින් 1962 අප්‍රේල් මස 15 වන දින තරුණ කොමියුනිස්ට් සංගමය බවට පත් විය. එම සමුළුව ඇමතු කියුබානු තරුණ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ජොයෙල් ඉග්ලියස් සහෝදරයා ඉතා උද්වේගකර කතාවක් කළේය. ඔහු කියුබානු විප්ලවයට එකතුවන විට 15 හැවිරිදි ගැටවරයෙකි. චේ විසින් ගොඩ නැගු විප්ලවකාරී තරුණ සංවිධානයේ ආරම්බක සාමාජිකයෙක්ද විය.

      ආදරණීය සහෝදරවරුනි,

විප්ලවවාදියෙකුට තම ජීවිතයේ ලැබෙන ඉතාම ප්‍රසන්න කටයුත්ත වනුයේ විප්ලවය ආරම්බ වීමත් සමග උපත ලද ළදරු ආයතන විප්ලවයේ පළමු වසර ගණනාව තුලදී අලුත් හැඩතල ගනිමින්, පිරිසිදු වෙමින්, ශක්තිමත් වෙමින් ජනතාව තුල සැබෑ පිළිගැනීම ඇති ජනතාව තුල සැබෑ බලය ඇති ශක්තිමත් සංවිධාන බවට පත්වනු නිරීක්ෂණය කිරීමට ලැබෙන අවස්ථාවයි. විප්ලවයේ ආරම්භක වකවානුවේදී ඉතා සුළුවෙන් හා දහසකුත් බාධක හා පසුබැසීම් මත ආරම්භ වූ මේ ආයතන දිනපතා ක්‍රියාකාරිත්වය තුලින්ද, ජනතාව සමග අඛණ්ඩ සම්බන්දය සහිත වැඩ විසින්ද අද වන විට විප්ලවීය ව්‍යාපාරයේ ජනතා බලය නියෝජනය කරන ප්‍රබල ආයතන බවට පත්ව ඇත.

      තරුණ කොමියුනිස්ට් සංගමය විවිධ වකවානුවල විවිධ නම් වලිනුත් විවිධ සංවිධාන ආකාරෙයෙනුත් පැවතුනද එයද විප්ලවය තරම්ම දිගු ඉතිහාසයක් ඇති සංවිධානයකි. එම වකවානුව තුල අතිශය වැදගත් හා ඉක්මන් විසදුම් අවශ්‍ය ප්‍රශ්නය වූ ජාතික ආරක්ෂාවේ වගකීම තරුණ කියුබානුවන්ට පැවරීම සඳහා විප්ලවකාරී හමුදා සමග සම්බන්ධ තරුණ සංවිධානයක් ගොඩ නැගීම අවශ්‍ය විය. තමන්ට අනන්‍ය ගුණාංග හා හැඩතල සහිත කියුබානු විප්ලවකාරී සන්නද් හමුදා සමග ඒකාබද් ආරක්ෂක කටයුතු වල නිරත වන සංවිධානයක් බවට පසුව පත් විය.
අතිශය දුෂ්කර හා දිගු ගමනකින් පසුව අද අප නව සමාජයක් ගොඩනගමින් සිටින අතර ඉන් පසුව සමාජවාදී සමාජය අරමුණු කරගත් නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමත් එයිනුත් අනතුරුව පන්ති විරහිත සමාජයක්, පරිපුර්ණ සමාජයක්, එනම් ඔබ විසින්ම ගොඩ නගන ඔබ විසින්ම මග පෙන්වන, ඔබ විසින්ම නායකත්වය දෙන අනාගත සමාජයක් ගොඩ නැගීමේ අරමුණ සහිතව තරුණ කොමියුනිස්ට් සංගමය ගොඩ නගා තිබේ. පන්ති රහිත සමාජය දක්වාම තරුණ කොමියුනිස්ට් සංගමය සියලුම කියුබානුවන්ගේ ආදර්ශය ලෙස ඉහලින්ම සිටිය යුතුය. එම ආදර්ශය නම් ඉගනීම, වැඩ කිරීම හා ජාතික ආරක්ෂාවයි . ඔබේ සංගමයේ ලාංචනයේ අප සියලු දෙනාම මතු වුනු සටන් කල අරගලයේ අවසන් ප්‍රතිපල දැකීමට පෙර කනගාටුදායක ලෙස මරණයට මුහුණ දුන් තරුණ කියුබානුවන්ගේ උසස්තම පරමාධර්ශයන් දෙකක් වන අන්තෝනියෝ මේලා, කැමිලෝ සින්ෆුගොස්, ගේ රූප
  කොටා තිබෙන්නේ එම පරමාදර්ශය නියෝජනය කරමිනි.

      තරුණ කොමියුනිස්ට් සංගමයේ තේරුම තනි වචනයට ගොනු කල හැක. එනම් පෙරමුණු බල ඇණිය යන්නයි. මෙහි සිටින සහෝදරවරු සියලුම පෙරමුණු වල, සියලුම ජනතා ව්‍යාපාර වල පෙරමුණු බල ඇණිය විය යුතුයි. ඔබ විප්ලවය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් ඉල්
ලා සිටින විට ඔබ පළමු වෙනියා විය යුතුයි. ඔබ වැඩ කිරෙමෙදී පළමු වැනියා විය යුතුයි ..! ඔබ ඉගනීමට පළමු වෙනියා විය යුතුයි ..! මාතෘභූමිය ආරක්ෂා කිරීමේදී පළමු වැනියා විය යුතුයි..! ඔබ මෙම කටයුතු දැකිය යුත්තේ කියුබානු තාරුණ්‍යයේ පුර්ණ බලාපොරොත්තු ඉටු කිරීමක් ලෙස සංවිධානය වූ මහජනයාගේ වගකීමක් ලෙස හෝ නොව කොමියුනිස්ට් තරුණ සංගමයේ දෛනික කටයුත්තක් ලෙසය. මෙය ඉටු කිරීම සඳහා ඔබේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු ඔබ විසින්ම ඉලක්ක කල යුතුය. ඔබ විසින්ම නිර්මාණය කල යුතුය. එවිට එම වැඩ සුළු හෝ අත්හැරීමකින් තොරව සිදු කල හැක.


උපුටා ගැනීම - දැක්ම එස් එල් බ්ලොග් අඩවිය

තරුණ කොමියුනිස්ට්වාදියෙකු වීමට නම් ....





කියුබානු තරුණ සමුළුව අමතමින් අර්නෙස්ටෝ චේ ගවේරා 

රුණ කොමියුනිස්ට් වාදියා හැම විටම තමා ජීවත්වන සමාජයේ මිනිසුන් ගැන අවධානය යොමුකළ යුතුය. සෑම තරුණ කොමියුනිස්ට්වාදියෙකුම පළමු කොටම හා මුලික වශයෙන්ම මනුෂයෙකු වන අපේම මනුෂ්‍යත්වයේ ඉහලතම ගුණාංගය වෙත දිනෙන් දින ලඟා වන්නෙකු විය යුතුය.වැඩ කිරීම තුලින්ද, අධ්‍යාපනය තුලින්ද, තමා සමග සිටින හා ලෝකයේම ජනයා සමග සහෝදරාත්මක ක්‍රියාකාරකම් තුලින්ද, ඔහු මනුෂ්‍යත්වයේ උපරිමය පෙරා ගත යුතුය.ලොව ඕනෑම තැනක මනුෂයෙකු ඝාතනය කල බව දැනගත් විට හිතට දැනෙන සංවේගය දිනෙන් දින වැඩිවන හා ලොව කොතැනක හෝ නිදහස උදෙසා බැනරයක් එසවන විට සතුටින් ඉපිලී යන හදවතක් ඇත්තෙක් විය යුතුය