"කුසට සාගිනි හදට සෝගිනි ඉනට වරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලයගි හිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා"

Monday, June 24, 2013

තරුණ කොමියුනිස්ට් වාදියෙක් යනු කවරෙක්ද ..?



     
චේ ගේ නායකත්වයෙන් තිබු කියුබන් විප්ලවකාරී හමුදාවේ උපදේශන හා අධ්‍යන දෙපාර්තමේන්තුව විසින් 1959 දෙසැම්බරයේදී විප්ලවකාරී තරුණ සංවිධානය නමින් සංවිධානයක් පිහිට වීය. 1969 වන විට රට පුරා විහිදී තිබුණු අනෙකුත් තරුණ සංගම් හා ඒකාබද්ද වෙමින් 1962 අප්‍රේල් මස 15 වන දින තරුණ කොමියුනිස්ට් සංගමය බවට පත් විය. එම සමුළුව ඇමතු කියුබානු තරුණ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ජොයෙල් ඉග්ලියස් සහෝදරයා ඉතා උද්වේගකර කතාවක් කළේය. ඔහු කියුබානු විප්ලවයට එකතුවන විට 15 හැවිරිදි ගැටවරයෙකි. චේ විසින් ගොඩ නැගු විප්ලවකාරී තරුණ සංවිධානයේ ආරම්බක සාමාජිකයෙක්ද විය.

      ආදරණීය සහෝදරවරුනි,

විප්ලවවාදියෙකුට තම ජීවිතයේ ලැබෙන ඉතාම ප්‍රසන්න කටයුත්ත වනුයේ විප්ලවය ආරම්බ වීමත් සමග උපත ලද ළදරු ආයතන විප්ලවයේ පළමු වසර ගණනාව තුලදී අලුත් හැඩතල ගනිමින්, පිරිසිදු වෙමින්, ශක්තිමත් වෙමින් ජනතාව තුල සැබෑ පිළිගැනීම ඇති ජනතාව තුල සැබෑ බලය ඇති ශක්තිමත් සංවිධාන බවට පත්වනු නිරීක්ෂණය කිරීමට ලැබෙන අවස්ථාවයි. විප්ලවයේ ආරම්භක වකවානුවේදී ඉතා සුළුවෙන් හා දහසකුත් බාධක හා පසුබැසීම් මත ආරම්භ වූ මේ ආයතන දිනපතා ක්‍රියාකාරිත්වය තුලින්ද, ජනතාව සමග අඛණ්ඩ සම්බන්දය සහිත වැඩ විසින්ද අද වන විට විප්ලවීය ව්‍යාපාරයේ ජනතා බලය නියෝජනය කරන ප්‍රබල ආයතන බවට පත්ව ඇත.

      තරුණ කොමියුනිස්ට් සංගමය විවිධ වකවානුවල විවිධ නම් වලිනුත් විවිධ සංවිධාන ආකාරෙයෙනුත් පැවතුනද එයද විප්ලවය තරම්ම දිගු ඉතිහාසයක් ඇති සංවිධානයකි. එම වකවානුව තුල අතිශය වැදගත් හා ඉක්මන් විසදුම් අවශ්‍ය ප්‍රශ්නය වූ ජාතික ආරක්ෂාවේ වගකීම තරුණ කියුබානුවන්ට පැවරීම සඳහා විප්ලවකාරී හමුදා සමග සම්බන්ධ තරුණ සංවිධානයක් ගොඩ නැගීම අවශ්‍ය විය. තමන්ට අනන්‍ය ගුණාංග හා හැඩතල සහිත කියුබානු විප්ලවකාරී සන්නද් හමුදා සමග ඒකාබද් ආරක්ෂක කටයුතු වල නිරත වන සංවිධානයක් බවට පසුව පත් විය.
අතිශය දුෂ්කර හා දිගු ගමනකින් පසුව අද අප නව සමාජයක් ගොඩනගමින් සිටින අතර ඉන් පසුව සමාජවාදී සමාජය අරමුණු කරගත් නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමත් එයිනුත් අනතුරුව පන්ති විරහිත සමාජයක්, පරිපුර්ණ සමාජයක්, එනම් ඔබ විසින්ම ගොඩ නගන ඔබ විසින්ම මග පෙන්වන, ඔබ විසින්ම නායකත්වය දෙන අනාගත සමාජයක් ගොඩ නැගීමේ අරමුණ සහිතව තරුණ කොමියුනිස්ට් සංගමය ගොඩ නගා තිබේ. පන්ති රහිත සමාජය දක්වාම තරුණ කොමියුනිස්ට් සංගමය සියලුම කියුබානුවන්ගේ ආදර්ශය ලෙස ඉහලින්ම සිටිය යුතුය. එම ආදර්ශය නම් ඉගනීම, වැඩ කිරීම හා ජාතික ආරක්ෂාවයි . ඔබේ සංගමයේ ලාංචනයේ අප සියලු දෙනාම මතු වුනු සටන් කල අරගලයේ අවසන් ප්‍රතිපල දැකීමට පෙර කනගාටුදායක ලෙස මරණයට මුහුණ දුන් තරුණ කියුබානුවන්ගේ උසස්තම පරමාධර්ශයන් දෙකක් වන අන්තෝනියෝ මේලා, කැමිලෝ සින්ෆුගොස්, ගේ රූප
  කොටා තිබෙන්නේ එම පරමාදර්ශය නියෝජනය කරමිනි.

      තරුණ කොමියුනිස්ට් සංගමයේ තේරුම තනි වචනයට ගොනු කල හැක. එනම් පෙරමුණු බල ඇණිය යන්නයි. මෙහි සිටින සහෝදරවරු සියලුම පෙරමුණු වල, සියලුම ජනතා ව්‍යාපාර වල පෙරමුණු බල ඇණිය විය යුතුයි. ඔබ විප්ලවය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් ඉල්
ලා සිටින විට ඔබ පළමු වෙනියා විය යුතුයි. ඔබ වැඩ කිරෙමෙදී පළමු වැනියා විය යුතුයි ..! ඔබ ඉගනීමට පළමු වෙනියා විය යුතුයි ..! මාතෘභූමිය ආරක්ෂා කිරීමේදී පළමු වැනියා විය යුතුයි..! ඔබ මෙම කටයුතු දැකිය යුත්තේ කියුබානු තාරුණ්‍යයේ පුර්ණ බලාපොරොත්තු ඉටු කිරීමක් ලෙස සංවිධානය වූ මහජනයාගේ වගකීමක් ලෙස හෝ නොව කොමියුනිස්ට් තරුණ සංගමයේ දෛනික කටයුත්තක් ලෙසය. මෙය ඉටු කිරීම සඳහා ඔබේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු ඔබ විසින්ම ඉලක්ක කල යුතුය. ඔබ විසින්ම නිර්මාණය කල යුතුය. එවිට එම වැඩ සුළු හෝ අත්හැරීමකින් තොරව සිදු කල හැක.


උපුටා ගැනීම - දැක්ම එස් එල් බ්ලොග් අඩවිය

No comments:

Post a Comment