"කුසට සාගිනි හදට සෝගිනි ඉනට වරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලයගි හිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා"

Monday, June 24, 2013

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ ඔටුණු නොපැළඳී ක්‍රීඩකයා රණතුංග කරුණානන්ද .....



      ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලද ඔහු ගැන කතා කිරීමට, ඔහු අගය කිරීමට ශ්‍රී ලාංකිකයන් වු අපටද අමතක වී නොමැත. ඕනෑම බාල මහලූ අයෙක්ගෙන් ඇසූ පමණින්ම හුසේන් බෝල්ට් හඳුනාගන්නා ශ්‍රී ලාංකිකයින් රණතුංග කරුණානන්ද යැයි කියු පමණින්ම හඳුනාගනීද?

      ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ ඔටුණු නොපැළඳී ක්‍රීඩකයා රණතුංග කරුණානන්ද යනු කවරෙක්ද හා ඔහුගේ වගතුග හෙළිකරනු වස් මෙම ලිපිය ඔබ හමුවට ගෙන එන්නෙමි.

      සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, වැනි අයගේ නම් සඳහන් කල
 සැනින් අප මතකයට නැගෙන්නේ ඔලිම්පික් සිහිනයයි. එදා මෙදා තුර ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ අතර ඔලිම්පික් ජයග්‍රහණ මෙන්ම එයට සහභාගි වුවන්ගේ මතකය සදා අප මතකයේ රැදෙන කරුණක් වනවාට කිසිදු සැකයක් නොමැත. 



      රණතුංග කරුණානන්දයන්ද එවැනි පුද්ගලයෙකි.1964 ටෝකියෝ නුවර ඔලිම්පික් සිහිනය හිස දරා ගෙන මීටර් 10,000 ඉසව්වට සහභාගි වූ ධාවන ශූරයෙකි. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරගකරුවන් අතර බිලී මිල්ස් නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්නා ලදිග ප්‍රථම දෙවන තෙවන ස්ථාන පිළිවෙලින් තීරණය වෙද්දී අනෙකුත් ක්‍රීඩකයින් එකිනෙකා තරගයෙන් ඉවත් විය කරුණානන්දට වඩා වට 4ක් ඉදිරියෙන් බිලී මිල්ස් තරගය නිම කර අවසාන වු නමුත් කරුණානන්දට තරගය අවසන් වුයේ නැත. අන් සියලූම ක්‍රීඩකයින් ධාවන පථයෙන් ඉවත් වුවත් කරුණානන්ද තම වටයන් හමාර වන තෙක් පිට්යෙන් ඉවත් වුයේ නැත. තනිව දිව ගිය ඔහුට ප්‍රථම වටය පුරාවටම හිමිවුයේ ප්‍රෙක්ෂකයන්ගේ උසුලූ විසුලූ ය. එහෙත් නොපසුබට වු කරුණානන්ද ඉදිරියටම ඇදුනේ තම කාර්ය නිම කිරිම සඳහාය. සිදුවන වන දෙය තේරුම්ගත නොහැකිව ප්‍රේක්ෂකයින් තුෂ්නිම්භූතව බලා සිට්යේ කරුණානන්දයන්ගේ අධිෂ්ඨානශිලීත්වයයි. ප්‍රේක්ෂකාගාරයෙන් අන් කිසිම තරගකරුවෙකුට ඵල නොවු අත්පොළොසන් නාදය දසත පැතිර ගියේ ශ්‍රී ලංකා මාතාව ආඩම්බර කරමින්ය. පුරා වට දෙකක් ඒකාකාරිව අත්පොළොසන් දෙමින් හුන් අසුනෙන් ප්‍රේක්ෂකයා නැගී සිට්යේ කරුණානන්දයන්ට සුභ පැතුම් එක් කිරිමටය.මුලූ ක්‍රීඩාංගනයම ගිගුම් දුන්නේ කමෝන් සිලෝන්.... කමෝන් සිලෝන්.... ලෙසය. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කළ ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කදුලින් තෙත් විය. තරගය අවසානයේ බිලී මිල්ස් සමග කරන ලද සාකච්ඡාවකදී පවසා ඇත්තේ "ප්‍රථම ස්ථානය හිමිවිය යුත්තේ මට නොව කරුණානන්දට" යනුවෙනි. 

      1964 දී ඔලිම්පික් සඳහා පිටත්ව ගිය ක්‍රීඩකයින්ට අද මෙන් අනුග්‍රහකයින්, පෝෂණවේදීන්, වැන්නවුන් පිරිවරාගෙන යාමට හැකියාවක් නොවීය. ඔවුන් සහභාගි වුයේ හුදෙක් තම මව්රටේ අභිමානය රැක ගැනීම සඳහාය. කරුණානන්දයන් අදටත් අප රටට සැගවුණු චරිතයක් වුවත් ජපන් රටට ඔහු වීර චරිතයකි. තම රටේ අභිමානය ගැන උදම් අනන ලංකාවේ මිනිස්සුන්ට කරුණාන්නද අමතක වුවත් ජපන් රටේ කුඩා දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා ජපන් රජය මේ නොපසුබට උත්සහයෙන් හෙබි ධාවකයා පිළිබඳව ඔවුන්ගේ අධ්‍යාපන පෙළ පොත් වලට පවා ඇතුලත් කළේ මිනිස් අධිෂ්ඨානයේ මහිමය කියා පෑ නිසාමය. එපමණක් නොව ඔවුන් කරුණානන්දට රැකියාවක් පවා පිලිගැන්වීමට පියවර ගත්තේය. එහෙත් අවසනාවට රැකියාව භාර ගැනීමට දින කිහිපයකට පෙර ඔහුට මෙලොව අතහැර යාමට සිදුවිය. ඒ 1974 වර්ෂයේ දීය. අදටත් ඔහුගේ මරණය අභිරහසක්ව පවතින්නේ කුමක් හේතුකොට ගෙන ද යන්න පැන නගින තවත් ගැටලූවකි. 

      කරුණු කාරනා එසේ වෙතත් ජපන් ජාතිකයින් කරුණානන්ද අමතක නොකළේය. ඔවුන් කරුණානන්දගේ ජීවිතය අලලා සැකසුණ වාර්තාමය රූපවාහිනි වැඩසටහනක් කිරීම සඳහා ලංකාවට පැමිණියේ ලංකාවට අමතක වූ ලංකාවේ වීර චරිතය ඔවුන්ට ඛෙහෙව්න්ම වැදගත් නිසාය. එහෙත් අපේකම ගැන පුරසාරමි දොඩවන මහා ආඩම්බර ජාතියක් වු ශ්‍රී ලාංකිකයාට තම රට වෙනුවෙන් ශ්‍රමය හෙලූ කැරණානන්දයන් පිලිබඳ කිසිදු මතකයක් නොවීය. මේ නිසාම ජාතික කණ්ඩායමට හමුවුයේ මැරතන් කරු නමි වෙනත් පුද්ගලයෙකි. අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුලූ පිරිස ඝාතනයට ලක් වු මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයේදී මිය යන්නේ ද මේ මැරතන් කරු නම් පුද්ගලයාය. කෙසේ නමුත් අවසානයේදී මැරතන් කරුගේ උදව්වෙන් රණතුංග කරුණානන්දයන්ගේ පවුලේ උදවීය සොයා ගැනීමට මේ ජපන් නියෝජිත කණ්ඩායමට හැකි වුණේ මහත් ශ්‍රමයකින් අනතුරුවය. මහා පාරේ ඇවිද්දත් මැණික් අහුල මේ රටේ රටට සේවයක් කළ පුද්ගලයෙකු පිලිබඳ වග තුග සොයා ගැනිම මෙතරම් අපහසු කාර්යයක් වීම පුදුමය කරුණක් නොවන්නෙහිද? 

      කරුණානන්දගේ අභිරහස් මරණයෙන් පසු උන් හිට් තැන් අහිමි වී ගිය ඔවුනට පිහිට වී ඇත්තේ ඔවුන්ගේම ඥාතියෙකි. ජපන් නියෝජිත කණ්ඩායමට කරුණානන්දගේ පවුලේ උදවිය හමුවන විට කරුණානන්දගේ බිරිඳ තම සැමියාගේ වියෝවෙන් ඇතිවු කමිපනය නිසා මානසික ව්‍යාකූල තත්වයකට ගොදුරු වී සිටි අතර ඇය ඇගේ දුව හා පුතා සමග වාසය කළේය.

      හුසේන් බෝල්ට්, මේරියන් ජෝන්ස් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගුණ නිතර නිතර කියැවීමට නොපසුබට වන අපට රණතුංග කරුණානන්ද වැනි ශ්‍රේෂ්ඨ චරිතයක් අමතක වී යාම මුලු මහත් සිංහල ජාතියටම ලැජ්ජාවට කරුණක් බව මාගේ මතයයි. ජාතික වීරයන් ඉතිහාසයෙන් ම උරුම වූ අප රටට මෙවන් වීර චරිතද නොඅඩුව පවතී. මිනිසුන් හැටියට අපට මුණගැසෙන සෑම චරිතයක්ම මතකයේ රඳවා ගැනීමට අපහසු වූවත් අප අගය කළ යුත්තා අගය කළ යුතුමය. පිදිය යුත්තා පිදිය යුතුමය. සුදුස්සාට නිසි තැන දිය යුතුමය.පරගැතියන් අගය කිරිමට ප්‍රථම මඳක් හැරි අප දේශයේ,මව්බිමේ උන්නතිය වෙනුවෙන් කැප වූ ශ්‍රී ලාංකීය දූ පුතුන්ගේ දක්ෂතා අගය කිරිම, ඔවුන් සිහිකිරිම ආඩම්බරයට කරුණක් නොවේද?


සටහන - වෙරෝනිකා ප්‍රනාන්දු




http://www.youtube.com/watch?v=-wlVpRWPfyY





No comments:

Post a Comment