"කුසට සාගිනි හදට සෝගිනි ඉනට වරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලයගි හිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා"

Wednesday, August 21, 2013

.=re is; fkdßojd - fõ,dj fkdjrojd
ne;s fmï Wmojd - wl=re W.kS l=ure fid|jd

tod fy< osj ;=< .=rejrhd foaj;ajfhys,d i,lkq ,enQ W;a;ufhls' rc ue÷f¾ isá rdcl=udrhdf.a isg idudkH .eñ orefjl= o bf.kqu ,enqfõ tlu .=re f.orl we÷re;=ful= hgf;a fkajdislj h' .=re f.ofrys jev m, w;a Woõ wdosh ish,a,lau bgq jQfhao isma i;r yeoEre f.da,hka w;skah' th ;u .=rejrhdg oelajq .re lsÍula f,i Tjqka ie,lSh' .=re is; fkdßokak;a ne;s fmï we;sj wl=re bf.ksug;a orejka yqre mqreÿ jqfha tjka iudc miqìulh' orejka hy.=Kfhka keK n,fhka fmdaIKh jqfhao f,dj uú; lrjk uy;a oE ,dxlsh b;sydihg tla lf<ao .=re ne;sfhka yeoErE Ys,amhka ksidu fkdfõo@

fuod Y%S ,xldj by, uÜgul idlaIr;djhlg ysñlï lshk wdishd;sl rgla f,i y÷kajkq ,nkafkao tod fuod ;=r .=re N+ñldj rÕ olajk ,o .=re Nj;=kaf.a m%YxikSh lemúu ksiduh'

1945 Tlaf;daïn¾ 01 jkodhska miqj ksoyia wOHdmk l%uhlg ysñlï lshk Y%S ,xldj iEu orefjl=gu cd;s fNao wd.ï fNAo l=,u,lï fkd;ld ksoyia wOHdmkhla ,ndoSug lghq;= fhoSh' jßka jr úúO wOHdmk m%;sixialrK hgf;a kùlrKh jq wOHdmkh  fï jk úg fkdfhla w¾nqo /ilg Wreulï lshkafkah' w¾nqo ordf.k qmyiqfjka bosßhg wef|k wOHdmk rgdj isiqka bosßfha t<s olajk .=rejrhd fï jk úg iïm;aodhlfhl= f,i y÷kajkafkah' .=re flakaøSh wOHdmk rgdj ;=< uq,a ;ek .;a .=rejrhd fï jk úg;a l%shd;aul jk isiq flakaøSh ifudaodksl l%shdldrlï nyq, wOHdmk rgdj ;=< iïm;aodhlfhl= f,i l%shdlrkafka ;u isiq orejkaf.a l%shdldß;ajh ksmqK;ajh by< kexúugh' ,dxlslhka f,i wog;a wm Woï wkk Y%S ,dxflah ixialD;sh ;=< ljo;a .re nqyquka ,eìh hq;= pß;hla f,i ie,flkafkah'

.=re;=fuks uf.a fid÷re
isma i;r ks;r je;sre
wiajekak wmg mejrE
.=re;fukS
mqokafka fldfydu
.=re mvqre

oekqu wdl,am l=i,;d wdosfhka fmdaIKh jq ukd ore mrmqrla rgg odhdo  lrkq jia fjfyfik .=rejreka wo jk úg m;aj we;af;a n, ;Kaydfjka Woï wkk foaYldmd¨jkaf.a f.d÷re njg m;aùugh' orejka oekqfuka muKla fkdj úkh .rel iudc ys;jdos ñksiQkA f.dvk.kQ jia .=rejreka ks;ru fjfyfi;s' uõ;=ref,ka úÿ mshig md k.k orejdf.a wkd.;h iqj|j;a lsÍug .; yels ish¨u ud¾.hkays kshe,Sug fkdmiqng jk .=rejrhd orejdg fojk ujla jkafkauh' tjka .=reNjf;l= iudch bosßfhys wmydihg ,lalsÍug ;rï my;a kskaos; l%shdjlg fhduqjkakkag foaYldmd¨jka hehs mejisu w;SYhskau fhda.H h' idOdrKh'

miq.shod kj.;af;a.u biqre mdif,a .=rejßhlg mdif,aoSu ovqjï ysñ jqfha uka;%S oshKshlg úkh kS;S l%shd;aul lsÍu ksidh'


idrO¾u ixialD;sh jeks jákdlï foaYmd¨jkaf.a n,hg hg;a lsßug ;rï fuu iudch ì| jeà we;s nj mila jkafka Wla; ldrKh muKla ksidu fkdj ;j;a fndfyda lreKq ldrKd ksidh' w÷re froslvlska ;u oEi jid isák kS;sfha ''''''''''''''''' furg isÿjk widOdrKlï  kS;S W,a,x.kh lsßu jeks fkdfydôkd l%shdjkag ;j;a ls ld,hla ksoyfia ießirkakg bv fohso@

bkaoshka id.rfha uq;= wegh hehs úreOdj,sh ,;a Y%S ,xldj úfoia rgj, m%Yxidjg ,la jq wjia:djk tugh' kquq;a rfÜ kS;sh idOdrK;ajh j,m,a,g hk fujka iudchl yefok jefvk foaYmd¨jkaf.a orejka ksid b;du;a uE;los wdishd;sl fudavfhda hk úreOdj,sh ,enqfõ by, wyfiaosh'

fujka foaYmd,lhkaf.a orejkaf.a wvqmdvq Tjqkaf.a foudmshka w;ska ksjeros fkdjk iuhl Tjqka isma i;r yodrK mdi,g .=reNj;=kag mejfrk  j.lsu jeäh' ukaoh;a rgg jevodhs ÿku wdl,am l=i,;d j,ska fyô mrmqrla f,djg odhdo lsÍu Tjqkaf.a ld¾h Ndrh ksidh'

tkuq;a tfia lrkakg .sh .==rejßhg w;a jq brku fÄokSh fkdjkafkao@ thg idOdrK;ajh bgq lsßug jq wmydih bj;a lsÍug .=re pß;hlg we;s l, le<, uld oeñug iu;a wfhl= fï iudch ;=< isáo@

rgjeisfhkS ld,h t<U we; ' rfÜ Wkak;sh Wfoid fuu iudc l%uh fjki lsßug fm< .eish hq;= ld,hhs fï' ''''' iu whs;sjdislï tlfia ieugu N=la;s ú|sh yels kS;sh idOdrK;ajh rchk iudc l%uhla ìys l< yelafla m%cd;ka;%jdos rgl Pkao n,h ysñ idudkH ck;dj jk wmgu muKla nj wu;l fkdlruq'

Wednesday, July 17, 2013

කොලොම්බියානු රජය පුවත්පත් වාර්තාවකින් ගෙදර යැවූ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්‌




      1955 දී කොළොම්බියාවේ නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී කුණාටුවකට හසුව මුහුදු බත් විය. එහි වූ නාවික භටයන් අතරින් එක්‌ අයෙකු හැරෙන්නට අනෙක්‌ සියලු දෙනා මුහුදට බිලි වූහ. ඇල්ජෙන්ඩිරෝ වැලෙස්‌කෝ නම් වූ ඔහු කුඩා පහුරක එල්ලී දින දහයක්‌ මුළුල්ලේ පණ බේරාගෙන අවසානයේ වෙරළට ගොඩබැසීමට සමත් විය. එක රැයින් ඔහු කොළොම්බියාවේ වීරයෙකු බවට පත්විය. කොළොම්බියාවේ දූෂිත ආණ්‌ඩුව ඔහු ස්‌වකීය මැතිවරණ රැස්‌වීම්වලට ගෙන ගියේය. ජනතාව වැළ නොකැඩී මේ ජාතික වීරයා දැකගන්නට ආහ. වැලෙස්‌කෝ නිසා ආණ්‌ඩුව ජනප්‍රිය විය. එහෙත් දිනක්‌ මේ වැලෙස්‌කෝ හදිසියේ කොළොම්බියාවේ එල් එක්‌ස්‌පැක්‌ටේඩර් නම් පුවත්පතේ කාර්යාලයට පැමිණියේය. ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්‌ද එවකට සේවය කළේ එම පුවත්පතේය. පුවත්පතට පැමිණි වැලෙස්‌කෝ පැවසුවේ තමන් මෙතෙක්‌ පැවසූ සියලු දේ බොරු බවය. මේ මුහුදු බත්වූ යාත්‍රාවේ ගෙන ගියේ නීති විරෝධී බඩු භාණ්‌ඩ බව ඔහු පැවැසුවේය. නැව විනාශ වූයේ කුණාටුව නිසා නොව එම භාණ්‌ඩ නැව් තට්‌ටුව මත හරියාකාරව අසුරා නොතිබීම නිසා මුහුද මැදදී ඒවා එහා මෙහා පෙරළීමත් සමඟ බව ඔහු කීවේය. නැවේ සිටි අයට නැව හරියාකාරව හැසිරවීමට දැනුමක්‌ නොතිබුණු බව ඔහු කීවේය. නැවේ සිටි අයගේ නොසැලකිල්ල හා තණ්‌හාව නිසා මේ අනතුර සිදු වූ බව ඔහු කීවේය.


      මේ ඇත්ත කතාව පුවත්පතට ලියන්නද නොලියන්නද දැයි කල්පනා කළ පුවත්පත් කර්තෘ මණ්‌ඩලය අවසානයේ එය ලියන්නට තීරණය කර එය ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්‌ට පැවරුවේය. ඇත්ත කතාව පළවන්නට වීමත් සමඟම වෙලෙස්‌කෝට ද වඩා මාකේස්‌ ජනප්‍රිය වන්නට වූවේය. ආණ්‌ඩුවේ ජනප්‍රියතාව සීග්‍රයෙන් පහත බහින්නට වූවේය. ආණ්‌ඩුවේ කෝපය මාකේස්‌ කරා එල්ල විය. මාකේස්‌ගේ ජීවිතය ආරක්ෂා‌ කිරීම සඳහා පුවත්පත විසින් මාකේස්‌ව ඉතාලියට පිටත්කර හරිනු ලැබිණි. ඉතාලියට පැමිණි මාකේස්‌ ඉන්පසුව යුරෝපය පුරා ඇවිද්දේය. එහෙත් මේ සිද්ධියෙන් පසුව 1982 දී නොබෙල් තෑග්ග ලැබෙනතුරුම මාකේස්‌ට කොළොම්බියාව නමැති තම මවුරට ආරක්ෂා සහිත ස්‌ථානයක්‌ වූයේ නැත. 1958 දී ඔහු රහසිගතව කොළොම්බියාවට පැමිණියේ ස්‌වකීය පෙම්වතිය වූ මර්සිඩිස්‌ භාෂා විවාහ කරගැනීමටය.

      ඉන්පසුව කොළොම්බියාවෙන් පිටත් වූ නව යුවල විප්ලවයෙන් බිහි වූ නව කියුබාවට පැමිණියහ. කියුබානු ප්‍රවෘත්ති සේවයේ තනතුරක්‌ මාකේස්‌ ට හිමිවිය. එසේ ඇති වූ කියුබානු නායක ෆිදෙල් කස්‌ත්‍රෝ හා මාකේස්‌ අතර ඇතිවූ මිත්‍රත්වය අද දක්‌වාත් පවතියි.කියුබානු ප්‍රවෘත්ති සේවයේ ඇමරිකානු නියෝජිතයා වූයේ මාකේස්‌ය. 

    
      මාකේස්‌ගේ පළමු දරුවා වූ රොඩ්රිගෝ උපත ලද්දේ 1959 දීය. අද ඔහු ලොස්‌ ඇන්ජලීස්‌ නගරයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. එම වසරේදීම මාකේස්‌ යුවළ නිව්යෝර්ක්‌ නගරයට පැමිණ පදිංචි වූහ. කියුබානු ප්‍රවෘත්ති සේවයේ ඇමරිකානු නියෝජිතයා වූයේ මාකේස්‌ය. 


      මාකේස්‌ ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව ලතින් ඇමරිකානු විමුක්‌ති ව්‍යාපාර සමඟ සමීපව කටයුතු කළේය. ඔහු වාමාංශික අදහස් පිළිගත් ගත්කතුවරයෙකි. බිල් ක්‌ලින්ටන් මොනිකා ලෙවින්ස්‌කි සිද්ධිය නිසා අපහසුතාවට පත්වූ අවස්‌ථාවේ දී මාකේස්‌ ඔහුව බේරාගැනීමට නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට විශේෂ ලිපියක්‌ ලීවේය. වැරදි නොකර ජීවත්වීමට මාකේස්‌ට වූවත් නොහැකිය.





Wednesday, July 3, 2013

අධිරාජ්‍යය වාදය පරදා සමාජවාදය ගොඩ නැගීම ඔහුගේ දේශපාලන දැක්ම විය.



      ලොව පුරා මෙතෙක් බිහි වූ සමාජවාදී රටවල් තුල තමන්ට ආවේනික , අනන්‍ය වූ ක්‍රම වේදයක් මත ඒවා ගොඩනගා ඇත.ඒ සඳහා ඔවුන්ට තමාගේම විග්‍රහයක් තිබේ. ලාංකීය සමාජවාදී ගමන් මග තුලද රෝහණ විජේවීර සහෝදරයා තෝරා ගත්තේ ලාංකීය අනන්‍යතාවය මත පිහිටා ගොඩ නැගුනු විප්ලවීය මාවත ය. අධිරාජ්‍යයවාදය පරදා සමාජවාදය ගොඩ නැගීම ඔහුගේ දේශපාලන දැක්ම විය.

      රුසියානු විප්ලවය ලෙනින් විසින් ජයග්‍රහණය කලේ අන්තොනමතික පාලනයක නියැලුණු සාර් අධිරාජයා ගේ කුරිරු පාලනයට එරෙහිව පන්තිය සංවිධානය කිරීමෙන්ය. වියට්නාමය තුල දිගු කාලින අධිරාජ්‍යවාදී සටනක යෙදුනු හෝ චෝ මින් ගේ නායකත්වය දුන් වියට්මින් වරු වියට්නාමයට සරිලන සමාජවාදී පාලනයක් ස්ථාපිත කළේය. කියුබානු විප්ලවය තුල දිස් වූයේ ලතින් ඇමෙරිකාව පුරාම විහිදී පැතිරුණු ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ තවත් එක පැතිකඩකි. ශ්‍රේෂ්ට කියුබානුවෝ අධිරාජ්‍ය පරදා ඒ තුලින් සමාජවාදය විජයග්‍රහණය කළේය. එතුලින් විද්‍යාමාන වුයේ කියුබානු සමාජවාදයේ හැඩයයි . චීන විප්ලවය තුලද දිස් වුයේ චීන සංස්කෘතිය හා බැදී පැවතුනු ඓතිහාසික අරගලයන්ගේ දිගුවකි.ඒ තුලින් ද දිස් වුයේ වැඩවසම් රජවරුන්ට එරෙහිවනැගී සිටි ජනතාව මෙන්ම ජපන් අධිරාජ්‍යවාදීන් මෙන්ම බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව පැවතී සන්නධ අරගලයකි. අවසානයේ කොමියුනිස්ට් පාලනයක් බිහි විය.


      ලතින් ඇමෙරිකානු රටවල් තුලද මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ ඔවුනට ආවේනික විග්‍රහයකින් බිහිවෙන සමාජවාදී පාලනයන්ය. ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඇති දිගුකාලින මුලධාර්මික වරද වන්නේ ''සමාජවාදී මොඩලය'' නමින් එක මොඩලයක් පමණක් ඇතැයි යන විශ්වාශයට කොටුවීමයි. නමුත් යතාර්ථවාදීව අප කතා කල යුතු වන්නේ ''සමාජවාදය'' ගැන නොව ''සමාජවාදයන්'' පිළිබඳවයි. එකිනෙකට සමාන වන සමාජවාදී සමාජ දෙකක් නැහැ . මාරියා ටෙගුයි නම් විශිෂ්ඨ මාක්ස්වාදිනිය වරෙක " සමාජවාදය යනු වික්රමාන්තික නිර්මාණයක් " යැයි පැවසුවේ එබැවිනි. සත්‍ය වශයෙන්ම එය නිර්මාණයක්..! සමාජවාදය නිර්මාණය කල යුතුයි . එය අදාළ සමාජ තත්වයන්ට අනුව, ප්‍රවණතාවයන්ට අනුව, සංස්කෘතීන්ට අනුව, මෙන්ම සමාජ සංයුතීන්ට අනුව සකස් කර ගත යුතුයි. මක් නිසාද ඒවා එකිනෙකට හාත්පසින් වෙනස් හැඩයක් ඇති නිසාය.


      මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන චරිත කිහිපයක් විය. ඒ අතරින් ඇන්.එම්. පෙරේරා, දොස්තර වික්‍රමසිංහ, කොල්වින් ආර්.ද සිල්වා, පිලිප් ගුණවර්ධන හුවා දැක්විය හැක. මේ සියලු දේශපාලන චරිත එක්තරා කාලයක රටේ ජන විඥානය සසල කල මිනිසුන්ය. එහෙත් නිවැරදි පන්ති දැක්ම වෙනුවට තම තමන්ගේ සුඛවිවරණය උදෙසා තම දේශපාලන ව්‍යාපාරය උකස් කර පක්ෂය මෙන්ම පන්තිය ද අරමුණක් නැති දේශපාලන මඩ ගොහොරුවක් වූ ධනපති සභාග ඉදිරියේ අකර්මන්‍ය කළේය. එවිට ලාංකීය දේශපාලන බිමට වමේ රික්තකය බිහිවිය. පීඩිත පවුල් පසුබිමකින් පැවත එන රෝහණ විජේවීර නම් තරුණයෙකු එකී රික්තකය පිරවීමට සිය වෛද්‍ය උපාධිය දනින් වැටී ලබා ගන්නවා වෙනුවට පැරණි වමෙන් ගිලිහුණු වමේ රතු ධජය සුරතට ගත්තේය.

      1970 වන විට නැවතත් ලාංකීය භූමියට වමේ නැවුම් සුවඳ දැනුනි. රෝහණ විජේවීර බිහිවීමත් සමගම සමසමාජ -කොමියුනිස්ට් පක්ෂ හරහා අකර්මන්‍ය වී තිබුණු වාම ප්‍රවාහය නැවත අලුගසා නැගී සිටියේය. පැරණි වම ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය. එපමණක් නොව පැරණි වමේ නායකයන් අභිබවා නව නායකත්වයක් ද බිහිවිය.

      කුණුවී දිරාපත් වන ධනවාදය වෙනුවට සමානාත්මතාවය, සාධාරණය රජයන සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ පළමු වෙඩිහඬ 1971 අප්‍රේල් 05 වන දින හමා ගියේ ලාංකීය පීඩිත පන්තියට නව බලාපොරොත්තු එක් කරමිනි. දස දහස් ගණන් තරුණ තරුණියන් ඉච්චාබංගත්වයට පත්කර අරාජිකත්වය මුළුමහත් සමාජයම වසනමින්, වතු පාලකයන් විසින් කම්කරු පංතිය පාගමින්, රදල වලව් තුලින් රටේ සියලු තීන්දු තීර ගැනීම් තිබුණු තත්වයක එදා රට පැවතුනි. එයට එරෙහිව අභීතව ජනතාව පෙළ ගැස්වීමට හැකි වුයේ විජේවීර නම් අසහාය මිනිසාට පමණි. 


      71 ජනතා නැගිටීම අසාර්ථක විය. දහස් ගණනක් වීර සටන්කාමීන් මරු මුවට පත් විය. තවත් බොහෝ පිරිසක් සිරදඬුවම් වින්දේය. 13 වන විත්තිකරුවූ රෝහණ විජේවීර දීර්ඝ සිර දඬුවමකට යටත් විය. විත්ති කරුවන් 24 දෙනාගෙන් කිහිප දෙනෙකු හැර අන් සියල්ලන්ම අන්ත දක්ෂිනාන්ශීක කඳවුරේ සුරතලුන් බවට පත් විය. ඔහු අතහැර ගිය කිසිවෙකුට ඔහු පසු කර යා නොහැකි වීම ඉතා සුවිශේෂී කරුණකි.බොහෝ අය නව දේශපාලන ප්‍රවාහයන් ආරම්භ කලේ විජේවීර පරාජය කිරීමට මිස දේශපාලන වෙනසක් කිරීමට නොවේ. නමුදු කිසිවෙකු ඔහු අභිබැවීමට අසමත් විය. 



      රෝහණ විජේවීර යනු වමේ සියලු දේශපාලන නායකයන් අභිබවාගිය විදග්ද්ද දේශපාලන පෞරශයකි .ඔහුගේ ව්‍යාපාරය තුල බිහි වූ සාමාජිකත්වය විශිෂ්ට කැපකිරීම් වලින් ලාංකීය දේශපාලනය වෙනස් කලේය. එවකට තාක්ෂනය අද මෙන් නොදියුණු යුගයක එක රැයකින් මුළු රටපුරාම එකම පෝස්ටරය ඇලවීමට සමත් විය. වසර ගණනාවක සිර ජීවිතයෙන් නිදහස් කිරීමට ධනපති පාලකයන්ට සිදු විය. විජේවීර සහෝදරයා නැවතත් ලාංකීය දේශපාලන භුමිය මත දෙපයින් නැගී සිටියේය. දෑස ඉදිරිපිට පෙනෙන අයුක්ති සහගත පාලනය, පීඩනය, දුගී බව, තමන්ට කිසිසේත් ම හිස එසවීමට නොදෙන කුරිරු ධනේශ්වර ක්‍රමය තුල පෑගුනු සමාජ සාධාරණත්වය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත් ජනතාව ඔහු හා එක්විය.

      විප්ලවවාදී ප්‍රවාහයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උරගා බැලු අවස්තාවක් ලෙස 1982 ජනාධිපතිවරණය හැඳින් විය හැක. එහිදී චන්ද 273
,428 ක් ලබා ගනිමින් පැරණි වමේ දේශපාලන කුණු බක්කියට ඇද දැමීය. රටේ තුන් වන බලවේගය බවට පත් විය. රෝහණ විජේවීරයන්ගේ උදාර නායකත්වයෙන් අතිමහත් නිර්ධන පන්තියේ පිබිදීමක් සිදුවන බව වටහා ගත් යැංකි ඩිකී නොහොත් ජේ.ආර් . 83 කළු ජුලිය දඩමීමා කරගනිමින් ජ.වී.පෙ. තහනම් කළේය .ඉන් පසු විජේවීර තහනම් දේශපාලනයට බලහත්කාරයෙන් ඇද දැමීය. ජ.වී.පෙ. තහනම ඉවත්කිරීමට පක්ෂයක් ලෙස නොගත් උත්සහයක් නැත. එවකට රටේ සෑම සියලු පාලමක්ම, බෝක්කුවක්ම සැරසුනේ " ජ.වී.පෙ. තහනම ඉවත් කරනු" යනුවෙනි. තහනම් දේශපාලනය මැද වුවද ඔහු රටේ ජාතික ප්‍රශ්නය අමතක නොකළේය. ඒ වෙනුවෙන් කිසිවෙකු මෙතෙක් ඉදිරිපත් නොකළ ශ්‍රේෂ්ඨ දේශපාලන තිසීසයක් වූ "දෙමල ඊලාම් අරගලයට විසදුම කුමක්ද" කෘතිය රචනා කළේය. ඉන් පසු එලබෙන්නේ මෙරට අවසන් ආක්‍රමණිකයා වූ ඉන්දීය රජයට එරෙහිව අධිරාජ්‍යවාදී සටන දියත් කිරීමය. එවිට තහනම් දේශපාලනය තුලදීද රට වෙනුවෙන් එකී ඇති දුෂ්කර කර්තව්‍යට උර දීමට විජේවීර ඇතුළු පක්ෂය දෙවරක් සිතා බැලුවේ නැත. 

      1989 නොවැම්බර් 13 වන දින පණපිටින් ඔහු දවා අළු කිරීමට ප්‍රේමදාස -රන්ජන් විජේරත්න සුසංයෝගය එක තීන්දුවකට එළඹුණි. ධනේශ්වර පන්තියේ පොදු සතුරා මරාදැමීය. වර්තමානය වන විට සමාජවාදී කඳවුර ධනවාදී න්‍යායන් ට අනුව සහමුලින්ම බිඳ වැටී ඇත. තවත් ධනේශ්වර විශාරදයන් වෙළුම් සිය ගණනක් ලියමින් සමාජවාදී ක්‍රමය අහෝසි වී ඇති බවත් ලිබරල්වාදය ලොවේ නුතන විසඳුම බවත් ප්‍රකාශ කල අවස්තාවන් බොහෝ ඇත. ලංකාවේ නම් ධනේශ්වර ඇබ්බැට්ටයන් කිවේ " මැච් එක ඉවරයි" කියාය. තතු එසේ තිබියදී මුළු මහත් ලෝකයේත්, ලාංකීය ජනසමාජය තුලත් පෙරටත් වඩා සුරාකෑම, අයුක්තිසහගත බව, දරිද්‍රතාවය, සුදුස්සාට සුදුසු තැන නොලැබීම, ආදී දහසක් පීඩනයන්ට සිර කර ඇත. එහි දෛනික වර්ධනයක් පමණක් දැකිය හැක. රෝහණ විජේවීර හා ඔහු ගොඩනැගු දේශපාලන ව්‍යාපාරය එරෙහි වුයේ මෙකී කරුණු උදෙසාය. ඔහුගේ දේශපාලනය එරෙහි වුයේ ධනවාදයේ කෲරතර සුරාකෑමට එරෙහිවය. ඔහු එරෙහි වුයේ ලාංකීය අන්තොනමතික සුළුතර වලව් පාලනයට එරෙහිවය. ඒ සියල්ලක්ම අදටත් පෙරටත් වඩා වර්ධනය වී මුළු මහත් සමාජයම වෙලා ඇත. ඒ සියල්ල එලෙසම පැවතියදී විජේවීර පමණක් දවා හළු කිරීමෙන් පලක් නැත. ඔහුගේ දේශපාලන මගපෙන්වීම ලාංකීය දේශපාලනයට පමණක් නොව ලොව පුරා ධනවාදයෙන් බැටකන සකල පීඩිත ලෝකයටම පොදුය. ඔහු කිසි දිනක පැරදිය නොහැකි වමේ නායකයෙකි.

යුගයේ අවශ්‍යතාවය, නිර්ධන පංතියෙ අවශ්‍යතාවය......



      අග්‍රගන්‍ය විප්ලවවාදී නියමුවෙකුගෙ ඇට සැකිල්ල 1997 ජූලි මස බොලීවියානු රාජ්‍ය විසින් සොයාගන්නා අතර එය 1997 ඔක්තොම්බරයේ දී නැවත කියුබාවට එවන ලදී. එහිදී ෆිදෙල් සහොදරයා විසින් කියුබානු ජනතාව අමතා ඉතාමත් සුවිශේෂී අදහස් කිහිපයක් ඉදිරිපත් කරන ලදී..


      "ඔබ තරුණයි. ඔබ නැවුම්. ඔබ චේට ගරු කරනවා. ඔබ චේට ආදරය කරනවා. ඔබ චේගේ සටන්කාමීත්වය මැනවින් උකහාගෙන තිබෙනවා. එහිදී ඔබ සෙසු තරුණ තරුණියන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා. එහෙත් අපි නැවතත් කියනවා චේ සටන්කාමියෙක් පමණක් නොවෙයි, ගුණ සමුදායකින් පිරිපුන් සැබෑම සැබෑ මිනිසෙක්. අද ලෝකයට එවන් ගුණ සමුදායකින් පිරුණු තරුණ විප්ලවවාදීන් ලක්ෂ ගණනින් අවශ්‍ය යුගයක්. චේ ජීවත් වූ යුගයේ පැවැතියාට වඩා අධිරාජ්‍යවාදය, ධනවාදය දැන් අතිශයින් කුරිරුයි. සාහසිකයි. ආක‍්‍රමණකාරියි. නව ලිබරල්වාදී ගෝලීයකරණය මිනිස් වර්ගයා ගේ ප‍්‍රධාන සතුරා බවට පත්වෙලා. එහි ප‍්‍රතිඵලය ලෙස ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවට රැකියා අහිමි වෙලා. යුරෝපයේ සමහර රටවල් තුළ තරුණ ජනයා අතරින් 50%ක්ම රැකියා විරහිතයෝ. කෝටි සංඛ්‍යාත ජනයා දරිද්‍රතාවයට ඇද දමනු ලැබ තිබෙනවා. එනිසා කෝටි සංඛ්‍යාත ලෝකවාසී ජනතාව වෙත අධිරාජ්‍යවාදී ගෝලීයකරණය වෙනුවට, සමාජවාදී ගෝලීයකරණ ගෙන ආ යුතුයි.


      ඒ සඳහා චේ ගෙවාරලා දහස් ගණනින් අවශ්‍ය යුගයක් මේ. ඔබ චේ ආදර්ශයට ගන්න. චේ ගේ සමස්ත ගුණ සමුදාය උකහා ගන්න. සංවිධානය වන්න. අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන්න. අධිරාජ්‍යවාදය මහ පොළොවෙන් අතු ගා දමන්න. ජයග‍්‍රහණ අත්පත් කරගන්න".

අර්නස්ටෝ චේ ගෙවාරා නාමය දිගුකල් දිනේවා !
ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා !

අධිරාජ්‍යයවාදයට විනාශය - ජනතාවට විමුක්තිය !
ධනවාදයට විනාශය - සමාජවාදයට විජයග්‍රයහණය !"


"උදා හිරු රැස් මෙන් වූ ඔබේ එඩිතරකම 
ඔබව මරණයට නියම කෙරුවා වූ
 ඒ ප්‍රබල ඉතිහාසය තුළින් අපි ඔබට ආදරය කරන්න ඉගෙන ගත්තා

මෙහි ඉතිරිව ඇත්තේ පැහැදිලි සිත්ගන්නා සුළු විනිවිධභාවයයි
ඔබයි අපේ නායකයා චේ ගුවේරා නියමුවාණෙනී
ඔබේ සිනහවෙන් ආලෝකමත් වුණ
ධජය නැංවිමට වසන්ත සමයේ පායන 
හිරු රැසින්ද දැවි එන සුළඟින්ද එන්නේ ඔබයි

ඔබේ සමාජවාදී හස්තයෙන් සාධාරණත්වය බලාපොරොත්තුවෙන්
සිටින්නවුන්ට ඔබේ විප්ලවීය ආදරය නව මාවතකට මඟ පෙන්නුවා


ඔබත් සමඟ නොනැවතීම ක්‍රියා කළ සේම
ෆිදෙල් සමඟ අපි ඔබට කියන්නෙමු
විජයග්‍රහණය තෙක්ම නොනැවතීම

ඉදිරියටම යන්නෙමු"


ස්පාඤ්ඤ ගීතයේ සිංහල අනුවාදනය එයයි.



http://www.youtube.com/watch?v=UClHAH8nFVY

http://www.youtube.com/watch?feature=endscreen&v=fcnH8oK8FlY&NR=1

Friday, June 28, 2013

කියුබානු විප්ලවය දෙස නැවත හැරී බලමු......




" විප්ලවය යනු ඓතිහාසික අවශ්‍යතාවයක පැන නැගීමක් මිස හිතුවක්කාරකමේ හෝ පුද්ගල කැමැත්තක ප්‍රතිඵලයක් නොවේ. කිසිවෙකුට විප්ලවය වැළක්විය නොහැකිවාක් මෙන්ම විප්ලවය බලෙන් පැටවිය නොහැක. විප්ලවය වනාහී අති මහත් අවශ්‍යතාවයක පැන නැගීමකි "

ෆිදෙල් සහොදරයාගේ: ''සන්නද්ධ අරගලයේ වැඩ කොටස" කෘතියෙන්....

කියුබානු විප්ලවය විශේෂතා රැසකින් සමන්විතය. සටන තුලින් ජනතාව සංවිධානය කිරීම එහි තේමාව විය. එයට නායකත්වය දෙනු ලබුවේ කොමියුනිස්ට් පක්ෂයකින් නොව ''ජුලි 26 ව්යාපාරය" යි. ඒතුල රැස්වූ පිරිස් කොමියුනිස්ට් වාදීන් හෝ සමාජවාදීන් නොවුහ. බහුතරය දේශප්‍රේමී බැටිස්ටා විරෝධීන් විය.


ඒකාධිපති පාලනයකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන්, ජාතික විමුක්තිය උදෙසා රොදබැඳුනු සටන්කාමීන්ගෙන් අරගලය පිරී තිබුණි. නමුත් එහි දිශානතිය වුයේ සමාජවාදයයි.

චේ ගවේරා කියුබානු විප්ලවය ගැන මෙසේ පැවසුවේය..

"කියුබානු විප්ලවය සුවිශේෂී සිදුවීමකි.එය ලෝකයේ අධිරාජ්‍යවාදීන්ගේ ලේ කෝපයෙන් රත් කරවීය. එයින් ලෝකය පුර විසිරී සිටින හෝ යටත් පිරිසෙයින් ලෝකයේ මෙම පෙදෙසේ වසන අගහිඟයෙන් පෙළෙන්නවුන්ගේ ලෙයද අපේක්ෂාවෙන් උණුසුම් විය. එය අභ්‍යන්තර අනිවාර්යතා හා බාහිර ආක්‍රමණ හේතුවෙන් සමාජවාදී විප්ලවයක් බවට පරිනාමය වූ ගොවිජන වැඩවසම් විරෝධී සහ අධිරාජ්‍ය විරෝධී විප්ලවයකි.සමස්ත ඇමෙරිකාව හමුවේ එය ඇති සැටියෙන්ම ප්‍රකාශ කර සිටින්නේ එහි සමාජවාදී ස්වභාවය ය."

චේ සහොදරයාගේ: ''සමාජවාදය සහ මිනිසා සහ වෙනත් රචනා" කෘතියෙන්...

සපාඤ්ඤ, ඇමෙරිකානු බලහත්කාරයෙන් හෙම්බත්ව සිටි කියුබානු ජනතාව අතර පැහැදිලිවම විෂය මූල තත්වයන් පැන නැගී තිබුණි. 1934 මැයි 29 වනදා කියුබානු ව්‍යවස්ථාවට ඇමෙරිකාව විසින් බලහත්කාරයෙන් 'ප්ලැට් ' නම් සංශෝදනය එක කරන ලදී. ඉන් පසුව දේශීය කර්මාන්ත වැසී යන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අමෙරිකාවෙන් පමණක් ගෙන් වීමට බල කර සිටි. මේ තුලින් කියුබාව දිළිඳු රාජ්‍යයක් බවට පත් වී ශ්‍රමිකයන්ට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි විය. 1940 ආරම්භ වූ බැටිස්ටාගේ පාලනයත් සමගම කියුබාව ඇමෙරිකානු රූකඩයක් බවට පත් විය. දිළිඳු කම, නුගත්කම, දුරාචාරය රජ විය. හවානා නගරය ඇමෙරිකානුවන්ගේ ගණිකා මඩමක් විය. ජනතාව ඇමෙරිකානු උක් වතු වල හා දුම්කොළ වතුවල වහලුන් සේ වැඩ කළේය. කාන්තාවන්ට ගණිකාවක් වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි කලේ නැත.


සාම්ප්‍රදායික වමේ පක්ෂ මෙන්ම අනෙකුත් දේශපාලන ව්‍යාපාර නිද්‍රාශීලී මොහොතක 1953 ජුලි 26 දින ඓතිහාසික මොන්කාඩා ප්‍රහාරය ෆිදෙල් ගේ නායකත්වයෙන් එල්ල විය. එය අසාර්ථක වුවද කියුබන් විප්ලවයේ පළමු වෙඩි මුරය විය. පසුව අරගලය දියත් කරන්නේ 'ජුලි 26 ව්යාපාරය ' විසිනි.

ඒ පිළිබඳව චේ සහොදරයා මෙසේ සඳහන් කරන්නේය....

" අනතුරුව පැමිණියේ ගරිල්ලා අරගල අදියරය. එය විශද පරිසර දෙකක් තුල සංවර්ධනය විය. ඉන් එකක් සමන්විත වුයේ එක්රැස් කොට මෙහෙයවිය යුතු තවමත් නිදාසිටි ජනතාවගෙනි. අනෙක එක්රැස් කොට මෙහෙය විය යුතු චාලක බලය වූ විප්ලවීය සවිඥ්ඥානකත්වයෙහි සහ සටන්කාමී උද්‍යයෝගයෙහි ජනක යන්ත්‍රය වූ ජනතාවගේ පෙරටු බලඇණිය වූ ගරිල්ලා වරුන්ය. ජයග්‍රහණයට අනිවාර්ය මනෝමුලික තත්ත්ව නිර්මාණය කල උත්පේරක ජනක නියෝජිතයා වුයේ මෙම බලඇණියයි"

චේ සහොදරයාගේ: ''සමාජවාදය සහ මිනිසා සහ වෙනත් රචනා" කෘතියෙන්....

1953 දී සිරගත කරන ෆිදෙල් සහොදරයා නිදහස් කිරීමට හේතු වුයේ ජනතා විරෝධයයි. ඔහු 1955 දී නිදහස් කරන ලදී. ජනතාවගේ සහය අරගලය පුරාම දක්නට ලැබුණි. ජුලි 26 ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙලේ නායකයෙකු වූ ෆ්රෑන්ක් ෆයාස් ගේ ඝාතනයත් සමගම ජනතාව දහස් ගණනින් ආණ්ඩුවට එරෙහිව වීදි බසින ලදී. ඉන් බැටිස්ටා අවබෝධ කරගත්තේ ජනතාව පිදෙල් සමග සිටින බවයි. කියුබානු විප්ලවය ගරිල්ලා සටනක ප්‍රතිඵලයකට වඩා පොදු ජනතාවගේ කැමැත්ත මත සිදුවිය.


කියුබානු විප්ලවය අලුත් අත්හදා බැලීම්, ආදර්ශයන්ගෙන් පිරී ඇත. ගරිල්ලා සටන නම් සම්ප්‍රදායික නොවන අරගල ආකෘතිය බිහිවන්නේ කියුබානු විප්ලවය තුලිනි. විප්ලවය පුරාම උපාය හා උපක්‍රම තේරීම ඉතා ඉහල අගයක තිබුණි. ඒ අතරම අරගලයේ වීරත්වය, කැප කිරීම, අධිෂ්ඨනය, අරගලය තුල තිබිය යුතු විනය හා ප්‍රතිපත්ති ගරුක බව අරගලයට ජනතා සහය ලැබීමටද, එය ජයග්‍රහණයෙන් කෙලවර වීමට මහත් සේ බලපෑවේය. ෆිදෙල්, චේ, රාවුල්, කැමිලෝ, අබෙල් සාන්ත මරියා, ජුවාන් අල්මේදා, හයිඩ් සාන්ත මරියා, සිලියා සන්චෙස් වැනි විප්ලවීය නායකත්වය තුල පෙන්වූ විශිෂ්ට කොමියුනිස්ට්වාදී ගුණාංග, ආදර්ශයන් තවමත් අනභිබවනීයය. අරගලයේ ආචාර ධර්ම හා ප්‍රතිපත්ති පිලිබඳ " මගේ ජීවිතය කෘතියේ ෆිදෙල් සහොදරයා මෙසේ සඳහන් කර ඇත.

" ඔබ ප්‍රතිපත්තිගරුක විය යුතුය. ජනතාව සඳහා ප්‍රතිපත්ති සේම ඔබේ සතුරන් සඳහා ප්‍රතිපත්තිද ඔබට තිබිය යුතුය. නැතිනම් ඔබට ජය ගත නොහැකිය"
" ඔබ සතුරාගේ ගෞරවයට පාත්‍ර විය යුතුය. සතුරාට තදින් පහර දිය යුතුයි ..එහෙත් අවමන් නොකළ යුතුයි.."

ජොසේ මාටිගේ ඉගැන්වීම් තුලින් සිය අද්‍යාත්මය පෝෂණය කල පිදෙල් සැබෑ කොමියුනිස්ට්වාදියෙක් තුල තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් වූ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තොර වූ සටන් කිරීමේ සාරධර්මයට පමණක් යටත් වූ මිනිසුන් දහස් ගණනින් බිහිකිරීමට සමත් විය.





Thursday, June 27, 2013

අප්‍රිකානු මහද්වීපය බිහිකල අසහාය සමාජවාදියා පැට්‍රිස් ලුමුම්බා මරා දැමු සැටි ........




      අප්‍රිකා මහාද්වීපය සදාකාලික වහල් භාවයේ තබාගැනීම බටහිර ලෝකයේ ධනවාදී රටවලට අවශ්‍ය වුයේ වූයේ අප්‍රිකානු භූමියේ ඇති රත්රන් සිට දියමන්ති දක්‌වා වූ ඛනිජ ද්‍රව්‍ය සූරා කෑම සඳහාය. කොංගෝව යන නම සහිත රටවල්, ප්‍රදේශ සහ ප්‍රාන්ත දහයකටත් වැඩි ගණනක්‌ තිබුණි. බෙල්ජියානුවන්, ප්‍රංශ කාරයන් ස්‌පාඤ්ඤ ආක්‍රමණිකයන් අතර බොහෝ අප්‍රිකානු රටවල් බෙදී තිබිණි. 1950 න් පසු ඒ හැම ආක්‍රමණිකයකුගේම පිටුපසින් සිටි ශක්‌තිමත් සෙවනැල්ල වූයේ ඇමරිකානු ව්‍යාප්තවාදියාය.ඇමරිකාව අප්‍රිකාවේ කුමන්ත්‍රණ සංවිධානය කරමින් ද, කුමන්ත්‍රණ කරුවන්ට යුධ ආධාර සපයමින් ද ස්‌වකීය න්‍යාය පත්‍රය කර ගත්තේය.

      පැට්‍රිස් ලුමුම්බා නම් වාමාංශික නායකයා මරා දැමීමේ උවමනාව අධිරාජ්‍යවාදී ලෝකය පුරාම විහිදී තිබුණි. පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කිරීමට මුල්ව තිබුණේ ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය වුවද ලෝකය හමුවේ ප්‍රකාශ වුයේ එතෙක්‌ කලක්‌ කොංගෝව පාලනය කළ බෙල්ජියානුවන්ගේ ආධාරය ඇතිව ලුලුම්බා විරෝධී ස්‌වදේශිකයන් පිරිසක්‌ විසින් ඝාතනය සංවිධානය කරන ලද බවය. එහෙත් ලුමුම්බා ඝාතනය කිරීම පිළිබඳ සත්‍ය කතාව මෙතැන් සිට ඔබට කියමු.

      1959 දී බෙල්ජියානු රජය, තමන් යටතේ පැවැති කොංගෝවට නිදහස දුන් පසු රටේ පළමුවන මහ මැතිවරණය පවත්වන ලදී. එහිදී පැට්‍රිස් ලුමුම්බා ගේ පක්ෂය සහ තවත් කුඩා පක්ෂද කිහිපයකට පාර්ලිමේන්තු ආසනවලින් වැඩි බලය හිමි විය. මේ සියලු පක්ෂ එකතුව නිදහස්‌ කොංගෝවේ පළමුවන රජය පිහිටුවන ලදී. සභාගයක් නිසා දුර්වල ආණ්‌ඩුවක්‌ විය.

      අගමැති හැටියට පත්වූයේ පැට්‍රිස් ලු
මුම්බා ය.ඊළඟ මැතිවරණ අවස්‌ථාවක දී ආණ්‌ඩුවක්‌ මාරුවන විට රටේ පාලනය බාරදෙනු පිණිස ජෝසප් කසිවුබු නමැති ජනාධිපතිවරයා පත් කරන ලදී. ලුමුම්බා අගමැති වූ දවසේ පටන්ම බෙල්ජියම හා ඇමරිකාව මහත් නොසන්සුන්තාවකට පත් විය. වාමාංශිකයකු වූ ලුමුම්බා ඒ වනවිටත් සෝවියට්‌ සංගමය සමග කිට්‌ටු සම්බන්ධකම් පවත්වමින් සිටියේය. මේ අනුව නුදුරු අනාගතයේදීම කොංගෝවත් අප්‍රිකාවේ සෙසු රටවල් සමූහයත් සමාජවාදී රාජ්‍යයන් වනු ඇතැයි උපකල්පනය කළේය.ඔහු මරා නොදමුවානම් එසේ වීමට ඉඩකඩ තිබුණි.

      කොංගෝවේ පාර්ලිමේන්තුව කුඩා පක්ෂ විවිධ 
ප්‍රදේශ වලින් පැමිණි ගෝත්‍රික ජනවර්ගවල නියෝජිතයන්ගේ එකතුවකි. ඒ හැම නියෝජිතයකුටම උවමනා වූයේ තම ප්‍රදේශයට රජයේ වැඩිම පහසුකම් ලබාගැනීමය. එහෙත් එය ලුමුම්බා හරහා එය කරගන්නට බැරි බව වැටහුණි.ඉන් පසුව සභාග රජයේ පක්ෂ එකින් එක ලුමුම්බා හැර යන්නට පටන් ගත්තේය. එබැවින් පිහිටුවා සතියක්‌ තුළ ආණ්‌ඩුව බිඳ වැටුණි.


      කොංගෝවේ හමුදා ප්‍රධානී හු බෙල්ජියන් ඉත්තෝ වූහ. ආණ්‌ඩුව බිඳ වැටුණු පසු හමුදාව තුළ කැරැල්ලක්‌ හටගත් අතර කොංගෝවේ ඛනිජ ද්‍රව්‍ය වලින් සරුම ප්‍රාන්තය වූ කටන්ගා (Katanga) වෙනම රාජ්‍යක්‌ බවට පත් විය. කටන්ගාව වෙනම රටක්‌ බවට පත් කිරීම සංවිධානය කරන ලද්දේ මොයිස්‌ ෂොම්බේ (Moise Tshombe) නමැති බලසම්පන්න දේශපාලනඥයාය. ඔහු බෙල්ජියානුවන්ගේ ඉත්තෙකි. 

      ලුමුම්බාගේ රජය බිඳ වැටුනු වහාම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බෙල්ජියම කොංගෝ ජනාධිපති කැසවුබු (Kasavub) ට නියෝග කළේය. ඒ අනුව කොංගෝවේ හමුදාපති ජෝසප් සෙසෙ සෙකෝ මොබුටු (Joseph sese seko Mobutu)) බලඇණියක්‌ යවා ලුමුම්බා අත්අඩංගුවට ගනී. අනතුරුව හමුදාපති මොබුටු ඉදිරිපිටදී ලුමුම්බාට අමානුෂික ලෙස පහර දෙනු ලැබීය. ඉන්පසු ඔහු කොංගෝවේ අගනුවර මහා මාර්ග දිගේ ඇවිද්දවමින් පහර දේ . අනතුරුව ඔහු බන්ධනාගාරයට ගෙන ගිය විට මේ අපරාධයට විරුද්ධ බන්ධනාගාර නිලධාරීහු කැරළි ගසති. ලුමුම්බා ගුවන් යානයක පටවාගෙන කටන්ගා 
ප්‍රාන්තයට ගෙන ගොස්‌ ඝාතනය කරන ලෙස නියෝග ලැබේ. යානය තුළට දමනු ලැබූ ලුමුම්බාට සහ ඔහුගේ අනුගාමිකයන් වූ මොරිස්‌ පෝලෝට සහ ජෝෂප් ඔකිටේට තවදුරටත් පහර දෙන අතර එය සිදුවන්නේ ගුවන් යානය ගමන් කරන අතරය. මේ ප්‍රචණ්‌ඩ ප්‍රහාරය කොතරම් බිහිසුණුද යත් පහරදීම්වල වේගයට යානය පැද්දෙන්නට පටන් ගනී. පහර දීම නොනැවැත්වුවොත් ගුවන් යානය කඩාවැටෙනු ඇතැයි එවිට නියමුවා කියයි. කටන්ගාවට ගොඩබාන යානයෙන් පිටතට ගන්නා ලුමුම්බාට සහ අනුගාමිකයන් දෙදෙනාට බෙල්ජියන් හමුදා ප්‍රධානීන්ගේ නියෝගය පරිදි වෙඩි තබා මරයි.

      එම අවස්‌ථාව නැරඹීමට මොයිස්‌ ෂොම්බේ ද සහභාගි වෙයි. මළ කඳන් තුන විනාශ කිරීමේ වගකීම පැවැරෙන්නේ කටන්ගා පොලිසියේ බෙල්ජියන් ලොක්‌කා වූ ජෙරාඩ් සොයේට්‌ වෙතය. ඔහු තම මිතුරකුගේ සහය ලබාගෙන මළ සිරුරු තුන කැබලිවලට කපා විශාල ඇසිඩ් භාජනයක දමා දිය කරයි. ඉන් පසු දින දෙකක්‌ම මත්පැන් පානය කරමින් සිහිසුන්ව ගත කරන ඔවුන් කියන්නේ සතුන්වත් නොකරන දෙයක්‌ කරන්නට තමන්ට සිදුවීම නිසා හටගත් අපුලතාව මත එසේ අසිහියෙන් ඉන්නට තීරණය කළ බවය.


      ලුමුම්බාගේ පාලනය බිඳවැටෙන විට කොංගෝව තුළ එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ විය. පළමු වරට මොබුටු ඉදිරිපිට ලුමුම්බාට භීෂණකාරී ලෙස පහර දෙන විට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාව ගල් ගිල්ලාක්‌ මෙන් ඒ දෙස බලා සිටියේය. බෙල්ජියම මේ දුෂ්ට කුමන්ත්‍රණය සඳහා එරට මුදල්වලින් ෆ්‍රෑන්ක් කෝටි ගණනක්‌ යුද හමුදාව සහ පොලිසිය අතර බෙදාහැරියේය. ලුමුම්බා මළ පසු බෙල්ජියානුවෝ මොයිස්‌ ෂොම්බේ ජනාධිපති තනතුරට පත් කළේය.. බෙල්ජියම සිතුවේ තමන්ට අවශ්යු දේ සිදුවූ බවය. එහෙත් ඇත්තටම සිදුවී තිබුණේ ඇමරිකාවට අවශ්යම දේය. පැට්රිස්‌ ලුමුම්බා හැකි ඉක්‌මණින් ඝාතනය කළ යුතු බව 1960 දී එවකට සිටි ඇමරිකන් ජනාධිපති ඩී. ඩී. අයිසන්හවර් පෞද්ගලිකවම නියෝග කළේය. ලුමුම්බා සෝවියට්‌ සංගමය සමග එකතු වීමෙන් අනාගතයේදී විය හැකි හානිය ඔහු ගණන් බලා තිබුණේය. ලුමුම්බා ඝාතනය කිරීමට බ්‍රිතාන්‍යයේ M15 ඔත්තු සේවයටද අවශ්‍ය විය.

මරා දැමීමට මොහොතකට පෙර
      ධනේශ්වර අලුගෝසුවන් විසින් අප්‍රිකානු ලෝකය තුල බිහි වූ මානව හිතවාදී දේශපාලන නායකයෙකු ඝාතනය කලේ සමාජවාදී ලෝකයට ඇති බිය නිසාය. සමාජවාදය මානව වර්ගයාගේ නිදහස හා ප්‍රවර්ධනය පිණිස වන අතර ධනවාදය එහි බිහිසුණු ඝාතකයා බව ලුමුම්බා මරා දැමීමෙන් පෙන්වීය.

Tuesday, June 25, 2013

වියට්නාමයේ රන් අසිපත නමින් විරදාවලිය ලත් අසහාය සමාජවාදී සෙන්පතියා වූ වෝ ගිඅප්......





      මාක්ස්වාදය ඉතිහාසය තුල හුදකලා තනි වීරයන්ගේ වීර වික්‍රමාන්විතයන් ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඉතිහාසය ගොඩ නැගීමේදී විශේෂ පුද්ගලයන්ගේ විශේෂ දායකත්වය ප්‍රතික්ෂේප නොකරයි. මන්ද එවැනි පුද්ගලයන්ද ඉතිහාසයේ අවශ්‍යතාවයන් ගේ නිර්මාණයන්ය.

      ඉතිහාසය සුවඳවත් වුයේ පාරාර්ථ කාමී මිනිසුන්ගේ අව්‍යාජ කැප කිරීම් මතය. මේ එවන් මිනිසෙකුගේ ආවර්ජනයක්.....


      වියට්නාමයේ රන් අසිපත නමින් විරුධාවලිය ලත් අසහාය සමාජවාදී සෙන්පතියා වූ වෝ ගිඅප්, 1911 අගෝස්තු මස 25 වෙනි දින වියට්නාමයේ Anxa නම් දුෂ්කර ප්‍රදේශයේ ඉතා දිලිදු පවුලක උපත ලැබීය. මෙම අසහාය කොමියුනිස්ට් යුධ වීරයා ජීවිතය දැඩි අධිෂ්ඨානයෙන් ජය ගත්තා සේම අධ්‍යාපනයෙන්ද සිය සහජ කුසලතාවයන් පිළිබිඹු කළා. 1930 දී Hanoi විශ්වවිද්‍යාලයට ඇතුල්වී දේශපාලන විද්‍යාවට ගෞරව උපාධිය හිම්කරගත්තා .ඉන් පසුව ගුරුවරයෙකු, පුවත් පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරමින් TIEN DANG නම් තරුණ විප්ලවවාදී කවයට එකතු වී සිය දේසපාලන ගමන ආරම්භ කළා. 1931 දී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට එකතු වන වෝ ප්‍රංශ අධිරාජ්‍යවාදයට එරෙහි පළමු උත්ඝෝෂණයට සහභාගි විය.ඉන් අනතුරුව යුධ ඉතිහාසය හා දර්ශනය පිළිබද ගැබුරු අධ්‍යනයක නිරත විය.

      නැපෝලියන් හා වියට්නාම් යුද වීරයෙකු වූ Sun Tzu අනුගමනය කල උපක්‍රමශීලී යුද කටයුතු කෙරෙහි සිය තරුණ රණකාමි විප්ලවවාදියාගේ සිත ඇදී ගියා.ඔහු Tap Moi නමින් සමාජවාදී පුවත් පත ආරම්භ කරමින් ජනතාව මිත්‍යාවෙන් යථාර්තයට රැගෙන ආවේය . ඒ අතර ඔහුට තවත් සමාජවාදී තරුණ ක්‍රියාකාරිනියක් වූ Nguyen Thi මුණ ගැසී විවාහ දිවියට පත් විය. 1954 මාර්තු මස 13 දින වියට්නාම් ජාතික හමුදාව පිහිටුවා වියට්නාමය පෙළමින් සිටි ප්‍රංශ අධිරාජ්‍යයාට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට දින 54 ක අඛණ්ඩ සන්නද්ධ  අරගලයක් සිය වාමාංශික භටයන් සමග දියත් කළා. තවත් රණකාමි සෙනෙවියෙක් වූ කර්නල් පිරොත් සමග සටන් බිමට පිව්සි හෙතම සටනට වීරෝදාර නායකත්වයක් සැපවූයේ යුදබිමේ ඉදිරියෙන් සිටිමින්ය. ප්‍රංශ කාලතුවක්කු පොඩි පට්ටම් කරමින් ඉදිරියට ඇදුනු වියට්නාම් භටයන් ප්‍රතිවාදී ප්‍රංශ යටත් විජිත රෙජිමේන්තු ඉතා කුඩා බිම් කඩකට සීමා කළේය. ප්‍රංශ හමුදාවට යුද නායකත්වය දුන් ජනරාල් De Castries ඔහු සැඟවී සිටි බංකරයේදීම නිරුපද්‍රිතව අත්අඩංගුවට පත් විය.

      1954 මැයි 7 වෙනි දින ප්‍රංශ අධිරාජ්‍යවාදීන් වියට්නාමය ඉදිරියේ පරාජය ලැබුවා. කුඩා මිනිසෙකු මෙන්ම අයෝමය එඩි බලයකින් පිරිපුන් ජනාරාල් වෝ වියට්නාම් වැසියන්ගේ කීර්තිය හා ස්වෛරීභාවය රැකදුන්නා . 2200 මියගොස් 5600 ක් අබාදිත කරමින් 11721 ක භට හමුදාවක් යුද සිරකරුවන් බවට පත් වීමෙන් අනතුරුව ප්‍රංශ පරාජිත ධජය අකුලාගෙන වියට්නාමයෙන් පසු බැස්සේය. ඉන් පසුව උදාවෙන්නේ වියට්නාම් ඓතිහාසික යුද්ධයයි .ඇමෙරිකානු යැංකි හමුදවාන් සමග සටන් වැදුණු වෝ ප්‍රමුක වියට්නාම් ජාතික හමුදාව ලෝකයට ආදර්ශයක් දෙමින් අධිරාජ්‍යවාදය පරාජය කරන්නේ කෙසේදැයි පෙන්වා දුන්නා. විපුල යුද දැනුමකින් පිරිපුන් මේ උදාර මිනිසා ඇමරිකානු හමුදාවන් තමන්ගේ යුධ උපක්‍රම ඉදිරියේ පරාජය වෙනු දැක ඇමෙරිකානු යුද ශක්තියේ ඇති පුහු ආටෝපය ලොව ඉදිරියේ නිරුවත් කළා.මේ සෑම සටනකටම නිවැරදි දේශපාලන නායකත්වය හෝ චෝ මින් විසින් දෙනු ලැබුවා. ඒ සබැ නායකයන්ගේ ස්වරුපය..... වියට්නාම් යුද්ධය ජය ගැනීමට ඔහු කුඩා භට කණ්ඩායම් ගරිල්ලා සටන් පුහුණුවකින් සන්නද්ධ කර ඉතා සියුම් උපක්‍රම තුලින් යැංකි හමුදාව පරාජය කරමින් ඉදිරියට ඇදුනේය.

      ඇසිපිය හෙලන මොහොතකදී තියුණු ප්‍රහාර එල්ලකර යැංකි කදවුරු බිමට සමතලා කළ සමාජවාදී භටයන් වියට්නාම් සමාජවාදී බලය ලොවට පෙන්වුයේ මහත් අභිමානයකිනි. ජනාධිපති රිචර්ඩ් නික්සන් ට වියට්නාමය තම හිස මත කඩා වැටුණු දෙවොලක් විය. තියුණු ප්‍රහාරයන් හමුවේ අඩපන වූ යැංකි හමුදා සිය රටට කැඳවීමට ඔහු සටන් විරාමය නම් ගැල විජ්ජාව ගෙන ආවේය.ඒ මොහොතවනවිට අති විසාල ඇමෙරිකානු යුධ සිර කරුවන් පිරිසක් හැනොයි නගරයේ රදවා සිටියේය. නැවතත් බලකාමයෙන් උන්මන්තකවූ ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් ලැජ්ජාව පිරිමසා ගැනීමට LINEBACKER 2 නමින් වියට්නාමයට මිලියන ගණන් බෝම්බ ගුවනින් හෙලන ලදී. එහෙත් රණකාමී වියට්නාම් ජනතා හමුදාවෝ එල්ල කල ප්‍රති ප්‍රහාර හමුවේ සියලු ඇමෙරිකානු ප්‍රයත්නයන් හකුලා ගන්නට නික්සන් ජනාධිපතිට සිදු උනා. Paris Peace Acord නමින් නැවත ඇඟ බේරා ගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස හෝ චෝ මින් සමග එකගතාවයකට එලබුනා.සිය පරාජිත යැංකි හමුදාව සදාකාලික අංගවිකලත්වයට පත් වූ දහස් ගණන් භටයන් සමග සිය රටට කැඳවනු ලැබුවා. ජනරාල් වෝ ගේ ඊළඟ ප්‍රයත්නය වූයේ දකුණු වියට්නාමය මුදවා ගෙන උතුර දකුණ එක්කොට හෝ චෝ මින් ගේ නායකත්වයෙන් සමාජවාදී වියට්නාමය බිහිකිරීමය. ඒ වෙනුවෙන් අධිරාජ්‍ය ගැති දකුණු වියට්නාම් ජනපති Nguyen Van Thieu බිරාන්තයට පත් කරමින් වියට්නාම් ජාතික හමුදාවන් දකුණු දෙසට ප්‍රහාරක හමුදාවන් මෙහෙය වුවා. එස්.යු -100 නමැති යුද ටැංකි සිය ගණනක් එකම දිනක විනාශ කරමින් එල්ල කල දැවැන්ත ප්‍රහාර හමුවේ ඔහු බටහිර අධිරාජ්‍යවාදී නායකයන්ගෙන් උපකාර ඉල්ලා සිටියා.එහෙත් වීරෝදාර වියට්නාම් භටයන්ගෙන් සදා අමතක නොවන පාඩමක් උගත් ඔවුන් ඉවත බලා ගත්තා. එම අරගලය හෝ චෝ මින් campaign නමින් නම් කළා.

    

අනතුරුව 1975 අප්‍රේල් 30 දින සමාජවාදී වියට්නාම් ජනරජය හෝ චෝ මින් යටතේ ගොඩ නැගුවා. 1946 ආරම්භ කල ඉන්දු චීන සටනට නායකත්වය දුන් වෝ 1975 අවසන් නිදහස් අරගලය තෙක් අසහාය යුද නායකත්වය වියට්නාමයේ උස් නිදහස වෙනුවෙන් කැප කළා. ඔහුට අහිමි වූ දේ බොහොමයි . තම ආදරණීය දියණිය පවා සතුරන් විසින් දුෂණය කර වද දී මරා දැමුවා. ජනරජය පිහිට වීමෙන් අනතුරුව ඔහු ජාතික ආරක්ෂක ඇමති දුරයටත් , උප අගමැති තනතුරටත් පත් උනා. ඉතිහාසය විසින් ඔහුට පැවරු කර්තව්‍ය නිසි ලෙස ඉටු කල සෙනෙවියෙකු වූ හෙතම ඉතිහාසය පිලිබදව චින්තකයෙකු වූ Stanly Karnow විසින් මෙම වීරයා ...Wellington , Grant , Rommel , Lee , Mc Arthur ට සමාන කළා. වෝ විසින් විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම රචනා කලා. ඒ අතර Greeat Task , People's Army , People's War , Big victory ඉතා අගනා යුධ ග්‍රන්ථ වේ.


උපුටා ගැනීම - දැක්ම එස් එල් බ්ලොග් අඩවිය